සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමෙන් පසු ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට එන බවට ඉන්දීය මාධ්‍ය කීවා ද?

by editor
අප්‍රේල් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සත්මනු ජයදේව –

ඉන්දු ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම මගින් ශ්‍රී ලංකා භූමිය තුළ ඉන්දීය අවි ගබඩාවක් නඩත්තු කරගෙන පවත්වාගැනීමට සූදානම්වන බව හිරු මාධ්‍ය ජාලය සමග කළ සාකච්ඡාවක දී දයාන් ජයතිලක විසින් ප්‍රකාශ කළ බවට වූ අදහසක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත.

දයාන් එවැනි කතාවක් කීවාද නැද්ද යන්න සම්බන්ධව අදහසක් නැත. හිරු මාධ්‍යයේ එවැනි සංවාදයක් පලවී දැයි දන්නේත් නැත. එහෙත් මේ ප්‍රකාශය සමාජ ජාලා තුළ වේගයෙන් ප්‍රචාරය වෙමින් ඇති අයුරු පෙනේ.  දයාන්ගේ නම සන්නාමයක් ලෙස භාවිතා  කර මෙම ප්‍රකාශය සංසරණය වන්නේ තැති ගැන්මක් ඇති කරවමිනි. ඉන්දීය මාධ්‍ය මෙවැන්නක් වාර්තා කර තිබේ ද?. පිළිගත් ඉන්දීය මාධ්‍ය හා ජාත්‍යාන්තර මාධ්‍ය මෙම ගිවිසුම සම්බන්ධව වාර්තා කර ඇත්තේ කෙසේද?. මේ කෙටි ලිපිය වෙන් වන්නේ ඒ පිළිබඳව යම් අදහසක් ලබා ගැනීම සඳහාය.

2025 අප්‍රේල් 5 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කොළඹ සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) පිළිබඳව ඉන්දීය මාධ්‍ය පුළුල් ලෙස වාර්තා කළ බව සැබෑය. 1980 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමට ඉන්දියාව සම්බන්ධ වීමෙන් පසු දෙරට අතර පළමු විධිමත් ආරක්ෂක සහයෝගීතා රාමුව මෙම සන්ධිස්ථාන ගිවිසුම මගින් සනිටුහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.   ඉන්දියා ටුඩේ, හින්දුස්ථාන් ටයිම්ස්, ද ඉකොනොමික් ටයිම්ස්, හින්දුස්ථාන් ටයිම්ස් මෙම වාර්තාකරණයේ ප්‍රමුඛයෝ වූහ.

ප්‍රමුඛ ඉන්දීය මාධ්‍ය අනුව කොළඹ සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කළ වසර පහක පුළුල් ආරක්ෂක සහයෝගීතා  ගිවිසුම අරමුණු කරන්නේ ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ බුද්ධි තොරතුරු හුවමාරුව ඇතුළුව ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව විධිමත් කිරීම සහ වැඩිදියුණු කිරීමය. ඒපී නිවුස්, BizNews India, දි ඉකොනොමික් ටයිම්ස්, The Jaipur Dialogues විසින් එම තත්ත්වය නිශ්ඡිත ලෙස වාර්තා කර ඇත. නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරන්නේ ගිවිසුම මගින් දෙරට අතර ආරක්ෂක සබඳතා ගැඹුරු වීමක් අවධාරණය කරන බවය.

විශේෂයෙන් හම්බන්තොට වරාය අසල ඩොලර් බිලියන 3.7 ක තෙල් පිරිපහදුව වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති ඉන්යානු මාධ්‍ය දකින්නේ වෙනස් කෝණයකිනි. එය ඔවුන් සලකන්නේ ඉන්දියානු සාගරයේ චීනයේ වර්ධනය වන පැවැත්මේ පසුබිමට එරෙහිව ලබා ගත් ප්‍රවේශයක් ලෙසය. චීන බලපෑම සමතුලිත කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට උපායමාර්ගික පියවරක් ලෙස ඉන්දියානු මාධ්‍ය මෙම අවබෝධතා ගිවිසුම අර්ථකථනය කර ඇත. ඔවුන් කියන්නේ  ගිවිසුමේ අවධානය යොමු වී ඇත්තේ පවතින හමුදා කටයුතු ආයතනගත කිරීම සහ ආරක්ෂක කාර්මික අංශයේ විභව සහයෝගීතාව ගවේෂණය කිරීමට බවය.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත අවධාරණය කර ඇත්තේ ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපීය ස්ථාවරත්වයට හානි කළ හැකි ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා නොකරන බවයැයි හින්දුස්ථාන් ටයිම්, දි ඉකොනොමික් ටයිම්ස් මෙන්ම AP ප්‍රවෘත්ති සේවය ද අවධාරණයෙන් දක්වා ඇත. මේ ප්‍රකාශය තුළ කලාපීය ආරක්ෂාව සඳහා වූ තර්ජනයක් පැවතීම පිළිබඳ සේයාවක් ගැබ්වීම  ඉන්දියාවේ කනස්සල්ලට හේතු වූ බව නම් ඉන්දීය මාධ්‍ය තුළ වාර්තා වී තිබේ.

හින්දුස්ථාන් ටයිම්ස් පවසන්නේ සමස්තයක් වශයෙන් ආරක්ෂක අවබෝධතා ගිවිසුම ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතාවල සැලකිය යුතු දියුණුවක් ලෙස නිරූපණය බවය. අන්‍යෝන්‍ය ආරක්ෂාව වැඩි දියුණු කිරීමේදී සහ කලාපයේ බාහිර උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීමේදී එහි කාර්යභාරය අවධාරණය කරන බවය.

ආරක්ෂක ගිවිසුම උපායමාර්ගික හවුල්කාරිත්වයක් පෙන්නුම් කරන්නක් බව සමස්ථ ඉන්දීය වාර්තාවල හරය ය. ඒ හැර ශ්‍රී ලංකාවේ ඉන්දියානු අවි ගබඩාවක් වැනි හමුදා පහසුකම් ස්ථාපිත කිරීම පිළිබඳ නිශ්චිත තොරතුරු නිල ප්‍රකාශන හෝ වාර්තා මගින් අනාවරණය කර නොමැත. ඒ සම්බන්ධව ප්‍රසිද්ධියේ ලබා ගත හැකි කිසිදු තොරතුරක් නොවේ.

මේ රටේ මැඩියන් ප්‍රලාප නිර්මාණය කරගෙන කෙළවරක් නැති පිස්සු කෙළින්නේ ලෝකයේ වෙන දේ සාරාංශ කර ගතහැකි තියුණු තාක්ෂණික මෙවලම් විචාර බුද්ධියක් සහිත බොහෝ දෙනා භාවිතා කරමින් ඇති පසුබිමකය. කුපාඩිකමක් විනාශයක් සිදුවන්නේ නම් ඒ සඳහා එරෙහිවීම නිශ්චිත තොරතුරු සහ දත්ත මත පදනම්ව සිදුවිය යුතුය.

ගිනියම් වී ඇත්තේ දේශාභිමානය නොව, අපරාධකරුවන්ගේ මරණ බිය සහ උන්ගේ අන්තේවාසිකයින්ගේ අවිචාරය බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවුන්දර තරුණයින් දෙදෙනා ඝාතනය කිරීමට යොදාගත් T56 ගිනි අවිය හමුවෙයි…

Next Post

SDIG නිශාන්ත සොයිසා… පවු අප්පා… ආරක්ෂාව නුදුන්නොත් දේශබන්දුට බයේ මැරෙයි…

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.