සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

SDIG නිශාන්ත සොයිසා… පවු අප්පා… ආරක්ෂාව නුදුන්නොත් දේශබන්දුට බයේ මැරෙයි…

by editor
අප්‍රේල් 12, 2025
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා අපරාධ පරික්ෂණ අධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලා ඇති බව පෙරේදා මාතර අධිකරණයේ දී කියැවුනෙය. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කිව්වේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතූ තමන් දන්නා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවය.

නිශාන්ත සොයිසා කියන්නේ තමන් දේශබන්දුට හොඳටම බය වී ඇති බවය. එහෙත් පොලිස් පොඩ්ඩන් අපට කියන්නේ දේශබන්දුගේ බොහෝ අනීතික සිදුවීම්වල නිශාන්ත සොයිසා සිටි බවය. ඔහු දක්ෂ නිලධාරියෙක් වුවද තේරුම් ගත නොහැකි ලෙස දේශබන්දු ගැති වූ ඉතිහාසයක් ඇති බව පොලිස් ආරංචි මාර්ගම අපට මතක් කර දෙන්නේය. අහිසංකයින් කුඩුකාරයින් මැරයින් කළ නැති කුඩු ඇතිකළ යුක්තිය ප්‍රචාරක ව්‍යාපෘතියේ සැලකිය යුතු භූමිකාවක් කළ බවද කියැවෙන්නේය.

එකක් දෙකක් මතක් කර දෙන්නට පුලුවන. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් අනතුරුව පොලිස්පති ධූරයේ වැඩ ආවරණය කිරීමට සුදුස්සෙක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කථිකාවක් විය. එහි දී පාස්කු ප්‍රහාරයේ වගකීම් සම්බන්ධව ඇති වී තිබෙන අධිකරණමය තත්ත්වම මත ඉහළම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනා අත්හැර වෙනත් අයෙක් වෙත වගකීම් පැවරීමට උත්සාහයක් ආණ්ඩුව තුළ දියත් වී තිබිණි. එහිදී වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සම්බන්ධව ද ප්‍රමුඛ අවධානයක් යොමු විය.

එහෙත් පොලිසිය භාර ඇමතිවරයා සමග එක්ව දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා වීම සඳහා කෙළවරක් නැති ගේමක සිටියේය. ඒ ගේම විධායක බලතල සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් පාලනය කළ නොහැකි තැනකට ගෙන යන්නට මේ යුවලට කටයුතු කළහ.

දේශබන්දු අත්හැරීමේ රනිල්ගේ ආණ්ඩුවේ මේ උත්සාහය සම්බන්ධව ආරංචිය යත්ම ප්‍රියන්ත වීරසූරිය ස්ත්‍රී ලොලියෙක් බවටත්, ඔහුට එරෙහි මුල්‍යමය චෝදනා ඇතිබවටත් වූ පැමිණිලි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ කාර්යාංශය වෙත ගලා එන්නට විය. ඒ වනවිට පොලිස් බුද්ධි අංශයේ ප්‍රධාන වගකීම් දැරුවේ නිශාන්ත සොයිසාය. මේ අතර ප්‍රියන්ත වීරසූරියට එරෙහිව පොලිස් විශේෂ කාර්යාංශය හරහා විමර්ශනයක් ආරම්භ වන්නේය. ඒ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නටත් නොදන්වාය. විශේෂ කාර්යාංශය අභ්‍යන්තර නිලධාරීන් සඳහා කරන පරීක්ෂණවලදී බුද්ධි වාර්තා ලබා ගැනීම සිදුකළ යුත්තේ පොලිස්පතිවරයා දැනුම්වත්වය. එහෙත් එවැන්නක් සිද්ධ වී තිබුණේ නැත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මේ සම්බන්ධව දැනගත් වහාම ඩී.සී. වික්‍රමරත්න නිශාන්ත සොයිසාට සහ දේශබන්දු තෙන්නකෝන්ට දන්වන්නේ මෙවැනි කුප්ප වැඩ නොකරන ලෙසය. එහෙත් දේශපාලන බලපෑම් ද සහිතව ඒ වනවිට පරීක්ෂණයේ අවසාන අදියරට පැමිණ තිබිණි. බුද්ධි වාර්තාව නිලධාරී කණ්ඩායමක් ලවා ඇගයීම ඊලඟ අදියරය. කෙසේ වෙතත් පොලිසියේ එම නිලධාරීන් සිය රාජකාරි හරියටම සිදුකළේය. ඒ නිසා ප්‍රියන්ත වීරසූරියට පසු අවස්ථාවක දී හෝ වැඩ බලන පොලිස්පතිවරයා වීමට හැකියාව ලැබිනි.

කෙසේ වෙතත් දැන් අප කල්පනා කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පවු බවය. ඔහු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ගේම දෙන්නට හැදුවේත් දේශබන්දුට බයෙන් විය හැකි බව අපේ හැඟීමය.

එමෙන්ම දේශබන්දු හා එක්ව සිදුකළ සෑම කුපාඩිකමක්ම කර ඇත්තේ ඔහුට බයේ විය හැකිය. මේ වනවිට ඔහු දේශබන්දුව පාවා දෙමින් සිටින්නේ අධිකරණයට බිය නිසා විය හැකි බව අපගේ තක්සේරුවය.

ඒ නිසා මේ අහිංසක බිය සුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයේ දැඩි ආරක්ෂාව යටතේ බේරා ගත යුතු බවට යෝජනා කරමු. නැතිනම් දේශබන්දුට බියෙන් ඔහුගේ හුස්ම පොද යා හැකි යැයි අපට සිතෙන බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමෙන් පසු ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට එන බවට ඉන්දීය මාධ්‍ය කීවා ද?

Next Post

රුපියල් බිලියන 2කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය කිලෝ 120ක් සමග බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත් අඩංගුවට..

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.