ඉන්දු රුසියා න්‍යෂ්ටික සහයෝගීතාව වර්ධනය කරමින් ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් එක්ව ඉන්දියාවේ කුඩාන්කුලම් න්‍යෂ්ටික බලාගායේ පස්වන ජනක යන්ත්‍රයේ වාෂ්ප උත්පාදඅංග නිමවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව තාපය ගෙන යන දඟර නිමවීමටද එහිදී කටයුතු කර ඇති අතර ඉතා සංකීර්න පෑස්සීම මෙහිදී සිදුකර ඇති බවද ඉන්දිය බලධාරීන් අනාවරණය කරයි. මෙම කටයුතු වලින් අනතුරුව සම්පූර්ණ බලාගරයේම ක්‍රියා කාරීත්වයද ඉතා සූක්ෂම පරීක්ෂාවට ලක්කර ඇති බවද එමගින් එයි ආරක්ෂාකාරී බව තහවුරු කිරීමටද පියවරගෙන ඇති බව වාර්තාවේ.
මෙම බලාගරය සතුව වාර්ෂ්ප ජනක වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන කටයුතු මෙහිදී නිමකර ඇති බවද අදාල සමාගම් දෙක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
කුඩාන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එහි පළමු ජනකය 2016 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඉන්දීය විදුලි පද්ධිතියට එක් කිරීමට පියවරගෙන තිබිණි. එතැන් පටන් මෙය ඉතා ස්ථාවර බලශක්ති නිපදවීමක් සිදුකරන අතර මේවන විට මෙගාවොට් දහසක බලශක්තියක් සිදුකරයි.
මේ අතර මෙම බලගාරයේ දෙවන අධිකරය එම වර්ෂයේම අගෝස්තු මාසයේදී ඉන්දීය බලශක්ති පද්ධිතයට එක් කිරීමට පියවරගෙන තිබිණි. මෙම ඉදිකිරීම ඉන්දීය සහ රුසියානු සමාගම් එක්ව සිදුකළ අතර එය දෙරටේ න්‍යෂ්ටික සහයෝගීතාවන් වර්ධනය කිරීමටද සමත්විය.







