ඉන්දීය රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථානුකූල පාලනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රි ලංකාවට යැවිය යුතු බවට යෝජනා කරයි. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ඉන්දියාවෙන් ඉල්ලා ඇත්තේ මේ වන විට ඉන්දීය විරෝධී විදේශ බලවේග ශ්‍රි ලංකාවේ ජනතාව තුළ පවතනි කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටින බැවින් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපාන බවය. මේ හේතුව නිසා ඉන්දීය හමුදාව ශ්‍රි ලංකාවට යවා එරට ව්‍යවස්ථානුකූල පාලනය ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
වෘත්තියෙන් ඉංජිනේරු විදයා මහාචාර්යවරයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි රාජපක්ෂ පවුලේ අතිශය සමීප ඉන්දීය දේශපාලකයකු ලෙස සැලකේ. වරින් වර ශ්‍රි ලංකාවටද පැමිණෙන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය දේශපාලනය තුළ ශ්‍රි ලංකාව කෙරෙහි වැඩි අවධානයකින් පසුවන දේශපාලකයකු ලෙස සැලකේ.