පාර්ලිමේන්තු රැස්වන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන කියයි.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද ඒ අනුව කල් තබා තිබේ.
කල් තැබූ පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග අනුව ලබන 17 වැනිදා අනිවාර්යයෙන්ම රැස්විය යුතු බැවින් එදිනට කතානායකවරයා සහ සභානායකවරයා පමණක් සහභාගිවී රැස්වී කල්තැබීමටද යෝජනා වී ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉදිරියට දමමින් පාර්ලිමේන්තු සැසි කතානායකවරයා විසින් කල් දමන්නේ අගමැතිවරයෙක් නැති, කැබිනට් මණ්ඩලයක් නැති, හදිසි නීතිය ක්‍රියාත්මක, තවත් කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක, මැරයින් විසින් නීතිය අතට ගන්නට උත්සාහ කරමින් සිටිනා රටක වීම විශේෂය.