ඉන්දීයාවේ ප්‍රමුඛතම හමුදා නිලධාරියා වන එරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිෆින් රාවත් සහ ඔහුගේ බිරිඳ ගමන් කළ හෙලිකොප්ටරය තමිල්නාඩුවේදී අනතුරකට පත්ව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු ඉන්දියාවේ හිටපු හමුදාපතිවරයා ය.
මෙම අනතුර තමිල්නාඩුවේ කඳුකර නිල්ගිරිස් හි කඳුකර ප්‍රදේශයක සිදුව ඇති අතර මේ වනවිට මළ සිරුරු හතරක් සහ තුවාල ලද පුද්ගලයන් තිදෙනකු සොයා ගත් බවත් තවදුරටත් මෙම මෙහෙයුම් සිදුවන බවත් එම වාර්තා සඳහන් කරයි.
යානයේ 14 දෙනකු ගමන් කර ඇති බවට වාර්තා වන අතර නියමුවා ඇතුළු හදමුදා යානයේ කාර්ය මණ්ඩල පස් දෙනකු සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු නව දෙනකු එහි ගමන් කර ඇති බව සඳහන් වේ.
සුලුර් ගුවන් හමුදා කඳවුරෙන් පිටක්ව ඇති මෙම හෙලිකොප්රටය එම් අයි 17 වී 05 වර්ගයේ එකක් බව සඳහන් වේ.
අනතුර සිදුවූ කඳුකර ප්‍රදේශයේ මේ මොහොතේද තද මීදුමක් පවතින බැවින් මුදා ගැනීමේ කටයුතු දුෂ්කර වී ඇති බවද මෙම වාර්තාවල සඳහන් වේ.
Latest visuals from the spot (between Coimbatore and Sulur) where a military chopper crashed in Tamil Nadu. CDS Bipin Rawat, his staff and some family members were in the chopper.
(Pics Source: Locals involved in search and rescue operation) pic.twitter.com/miALr88sm1
— ANI (@ANI) December 8, 2021