මේ වනවිට නිවෙස්ල භාවිතා කරමින් ඇති සියලුම ගෑස් සිලින්ඩර නැවත කැඳවන ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (08) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
දැනට වෙළෙඳපලට හා නිවාසවලට නිකුත් කර ඇති මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර පමණක් නැවත කැඳවීමෙන් පලක් නැති බව කී මන්ත්‍රීවරයා පොලිමේ සිට ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩරය විවෘත නොකර තබා ගන්නේ නැති බව කීවේය.
ජනාධිපති කමිටුව විසින්ම දෙසැම්බර් 01 සිට 05 දක්වා දින 05ක කාලය තුළ ගෑස් ආශ්රිත සිදුවීම් 430ක් වාර්තා වී ඇතැයි ප්‍රකාශ කරන බවත්, මාධ්‍ය වාර්තාවන් අනුව දෙදෙනෙක් මියගොස් ඇති බවත්, පවසන මන්ත්‍රීවරයා මේ වනවිට ඇති වී තිබෙන භීතියට ප්‍රායෝගික පිළිතුරක් අවශ්‍ය බව කීවේය.
ප්‍රොෆේන් බියුටේන් සංයුතිය වෙනස් කරඇති ආකාය ගෑස් සමාගම් විසින්ම පිළිගෙන ඇති තත්වයක මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට ගත් තීන්දුව වෙනස් කර දැනට නිවාස තුළ භාවිතවන ගෑස් සිලින්ඩර සියල්ලම නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
“ලිට්රෝ ගෑස් සමාගම මේ රටේ අති විශාල ප්‍රතිශතයක් ගෑස් සැපයුම්කරුයි. පාරිභෝගික සේවා අධිකාරිය මෙන්ම ලිට්රෝ ගෑස් සමාගම ද පවතින්නේ රජය යටතේයි. බැවින් පාරිභෝගික කටයුතු ඇමතිවරයා සමාගම්වලට බැණහඬගැසීමෙන් පලක් නෑ… “
“ගෑස් සමාගම තිබෙන්නේ ඔබ රජය යටතේ. ගෑස් සමාගමේ මින් පෙර හිටිය සභාපතිවරයා වූ අනිල් කොස්වත්ත බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ සමීපතමෙයක්. වර්තමාන සභාපතිවරයා ජනාධිපතිවරයාගේ වියත්මග කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක්. මෙම ආයතනය තිබුණේ එක්කො මුදල් ඇමති හෝ ජනාධිපතිගේ ඍජු අධිකාරිය යටතෙ. මේ රජයේ සමාගමක්. රජයේ ආයතනයකට මෙතන ඇවිත් බැනලා වැඩක් නෑ. “ මන්ත්‍රීවරයා කීවේය.