දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදු ආක්‍රමණය කිරීම වැඩි වීමත් සමගම යාපනයේ එක්සත් ධීවර සමීතිය යාපනයේ ගුරුනගර් ධීවර වරාය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් ඊයේ ( 26) දා ආරම්භ කළේය.
යාපනයේ සියලුම ධීවරයින් මුහුදු යාමෙන් වැළකී ධීවර බෝට්ටු ධීවර වරාය ඉදිරිපිට ගාල් කොට කලු කොඩි ඔසවා ඇරඹූ මෙම උද්ඝෝණය ධීවරයින් කාණ්ඩවලට බෙදී දිගටම පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබේ.
ඉන්දීය ධීවරයින් උතුරේ ධීවරයින්ට අයත් මුහුදු සම්පත බලහත්කාරයෙන් කොල්ලකනු ලැබුවත් රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් තමන්ට කිසිදු සහනයක් නොමැති බව ප්‍රකාශ කළ යාපනයේ ධීවරයෝ මෑතකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයක් පැවැත්වූවද ඉන්ද පලක් නොවූ බව පැවසූහ.