දිනසේන රතුගමගේ –
වවුනියාව දකුණු දෙමළ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙල්ලයිසාමි මහේන්ද්‍රන් කොරෝනා රෝගය හේතුවෙන් ඊයේ (26) දා මියගොස් තිබේ.
උප සභාපතිවරයා හදිසියේම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමගම පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කොට ඇති අතර එහි ප්‍රතිපලය ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසුව රෝහල්ගත කොට ඇත.
කොරෝනා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය උප සභාපතිවරයාගේ ආදාහන කටයුතු වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී අද (27 ) සිදු කිරීමට නියමිතය.