දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනාට ඇප මත නිදහස ලබා දීම ප්‍රතික්ෂේප කළ පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව නොවැම්බර් මස 11 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස 28 දා නියෝග කළේය.
නාවික හමුදාව විසින් පසුගිය 14 වෙනිදා මෙම ඉන්දීය ධීවරයින් 23 දෙනාව යාපනය ගුරුනගර් මුහුදු සීමාවේ බලහත්කාරයෙන් මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉන්දීය ධීවරයින් 23 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ව යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙසට නියෝග කළේය.







