දිනසේන රතුගමගේ-
ඉන්දීය ධීවරයින් උතුරු මුහුද බලහත්කාරයෙන් ආක්‍රමණය කොට මත්ස්‍ය සම්පත කොල්ලකැම සම්පූර්ණයෙන්ම නතර කිරීමට දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ධීවර කමිටු පිහිටුවා එම කමිටු හා නාවික හමුදාව අතර දැඩි සම්බන්ධතාවයක් ඇති කිරීමට ධීවර අමාත්‍යවරයා හා නාවික හමුදාව තීරණය කොට තිබේ.
ධීවර අමත්‍ය ඩග්ලස් දේවානන් සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙම ධීවර කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම කමිටුවලට නව ධීවර තාක්ෂණය පිළිබඳව හා ධීවර උපකරණ පිළිබඳව විධිමත් පුහුණුවක් ලබා දීමටද තීරණය කොට තිබේ.
තමිල්නාඩුවේ පටු දේශපාලනය දඩමීමා කරගත් එරට දේශපාලනඥයෝ ඉන්දීය ධීවරයින් උසි ගන්වමින් දේශපාලන වාසි ලබා ගන්නා අතරවරයේ ධීවර බෝට්ටු මුහුදට එක් කොට නීති විරෝධී ලෙස මසුන් මරා විශාල ආදායමක උපයබවද ඩග්ලස් දේවානන්දා මෙහිදී අවධාරණය කොට තිබේ.
එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග සාකච්ඡා කෙරෙන වැඩ පිළිවෙළක් සකස් කරන අතර නාවික හමුදාව ලවා නීති විරෝධී ඉන්දීධීවරයින් අත් අඩංගුවට ගැනීමේ කටයුතු පුලුල් කිරීමටත් සිදු වන බව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.







