ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද උදෑසන රිය අනතුරකින් බරපතල තුවාල ලැබුවේය.
25 හැවිරිදි රිෂාබ් රූර්කී හි පිහිටි සිය නිවසේ සිට නවදිල්ලිය දක්වා රිය පදවමින් සිටියදී අද අලුයම 5:15 ට පමණ ඔහුගේ වාහනය මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටක ගැටී ඇති බව වාර්තා වේ.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ රාෂබ්ගේ මෝටර් රථය ගිනිගත් බවය. ඔහුගේ හිසට, පිටුපසට සහ පාදවලට තුවාල වුවද ඔහුට ගිනිගත් වාහනයෙන් පැන යෑමට හැකි වී ඇත.
පාන්ට් පසුව දිල්ලි අසල සක්ෂාම් රෝහලට ඇතුළත් කළ නමුත් පසුව ඩෙහ්රාඩුන් හි රෝහලකට මාරු කළ බවයි. බරපතල තුවාල ලැබුව ද ඔහු ස්ථාවර තත්ත්වයේ පසුවන බව වෛද්‍ය වාර්තාවල දැක්වේ. මේ වනවිට ඔහු ප්ලාස්ටික් සැත්කමකට භාජනය කරමින් පවතින බව ඉන්දීය මාධය කියයි.

ඉන්දියාවේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානී වීවීඑස් ලක්ෂ්මන් (පන්ට් ජනවාරි මස මුලදී සංචාරය කිරීමට නියමිතව තිබුණි) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රිෂාබ් “අනතුරින් මිදී ඇති” නමුත් ඔහුගේ තුවාලවල තරම තවමත් සම්පූර්ණයෙන් නොදන්නා බවයි.










