දිනසේන රතුගමගේ –
උතුරේ වයස අවුරුදු පහට වඩා අඩු ළදරුවන් ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙලක් 1 දා සිට ආරම්භ කොට තිබේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ග්‍රාම නිලධාරීවරුන්ගේ හා සංවර්ධන නිලධාරින්ගේ සහය මත මෙම වැඩ පිළිවෙල දියත් කොට ඇත්තේ ඉන්දීය ආධාර යටතේ උතුරේ ළදරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉල්ලා ඇති ළදරු කිරිපිටි ලැබුණු විගස බෙදා දීමට බව කිළිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.
දැනට උතුරට ඉන්දියාවෙන් ලැබී ඇති ආධාර යටතේ ද කිරිපිටි තොගයක් ලැබී ඇති අතර ඊට අමතරව තවත් කිරිපිටි ප්‍රමාණයක් උතුරේ ළදරුවන් සදහා ලබා දෙන මෙන් උතුරේ දේශපාලන පක්ෂ හා සංවිධාන කීපයක් ඉන්දීය මධ්‍යම රජයෙන් හා තමිල්නාඩුවෙන් ඉල්ලා තිබේ.