අද (02) දිනයේ බෙදා හරිනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50000න් පසු මෙරටට ගෙනා ගෑස් තොගය අවසන් වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අද බෙදා හරිනු ලබන ගෑස් සිලින්ඩර පනස් දහසින් තිස් දහසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හරින බව ද එම සමාගම කියයි.
මේ දක්වා බෙදාහැර ඇත්තේ ඉකුත් 30 වනදා ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් රැගෙන මෙරටට පැමිණි ගෑස් නෞකාවේ ගෑස් තොගය ය.
කෙසේ වෙතත් තවත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවත් සති අන්තයේදී මෙරටට පැමිණීමට නියමිත බව සමාගම කියයි.