බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිත් අන්දන ඛණිජතෙල් ලොක්කෝ කොමිස්  මගඩියක..   නුදුරේ යළි ඉන්ධන අර්බුදයක්…  

by editor
ජූනි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි සති කිහිපයේදී රට තුළ බරපතළ ඛනිජ තෙල් අර්බුදයක් නිර්මාණය වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කර ඇත.

මීට හේතුව වී ඇත්තේ  ලබන 16 වැනිදායින් පසු ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අවසන් තෙල් තොගයත් හමාර වීමෙන් පසුව මේ දක්වා රටට ඛනිජ තෙල් ගෙන ඒම සඳහා කිසිදු ක්‍රමවේදයක් සකස් කර නොමැති  වීම නිසා බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඛනිජ තෙල් සංස්ථාව තුළ උද්ගත වී ඇති මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහා අවධානය යොමු කළ යුතු බවත්, මේ වන විට පවතින යථා තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ව්‍යාජ තොරතුරු ලබාදීමට ඛනිජ තෙල් බලධාරීන් කටයුතු කර ඇති බවටත් වාර්තා වේ.

ලෝක වෙළඳපලේ මේ වන විට පවතින මිලට වඩා බොහෝ අඩු මිලකට රුසියාවෙන් තෙල් ලබාගැනීමට හැකියාව තිබියදීත් බලධාරීන් ඒ සඳහා උනන්දු නොවන්නේත් අමාත්‍යවරයා නොමග යවන්නේත් සංස්ථාව තුළ ක්‍රියාත්මක වන මේ කොමිස් මාෆියාව විසින් නිසා බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වන විට යුරෝපය විසින් රුසියාවේ ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවා තිබීම හේතුවෙන් රුසියාව තුළ අති විශාළ ඛනිජ තෙල් නිෂ්පාදන අතිරික්තයක් ඇති බවත් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන රුසියානු රජය සමඟ සාකච්ඡා කර එම ඉන්ධන තොග සංචිත වශයෙන් ගබඩා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළයුතු බවටත් ඔවුහු යෝජනා කරති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වන විට රුසියාව බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 35ක පමණ මිලක් නියම කර ඇති  බවත්   ලෝක වෙළඳපළේ මේ වන විට පවතින බොරතෙල් මිල හා සංසන්දනය කරද්දී මේ මිල ඉතා ලාභදායී මිල තැබීමක් වන අතර ඉන්දියාව මේ වන විටත් රුසියාවෙන් බොරතෙල් බොරතෙල් මිල දී ගනිමින් සිටින බවත්  ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට ලැබුණු ඛණිජතෙල් තොග බොහෝමයක් එසේ ලැබුණු ඒවා බවත් වාර්තා වේ.

ඉන්දියාව මෙලෙස රුසියාවෙන් ඉතා අඩු මිලට ලබා ගන්නා ඛනිජ තෙල් තොග ශ්‍රී ලංකාවට ඉන්දීය ණය ක්‍රමය යටතේ එවනු ලබන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් හා සම ලෙස බර තබමින් බැවින් මේ ණය යෝජනා ක්‍රමය යටතේ ද ඉන්දියාව  අති විශාල ලාභයක් ලබන බව විශ්ලේකයෝ පවසති.

මෙම ඉන්ධන ආනයන කටයුත්තට ශ්‍රී ලංකාවට සෘජුවම මැදිහත් වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වන කැමැත්ත මේ වන විටත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය හරහා ප්‍රකාශ වී ඇති බවත් පෙන්වා දෙන ආර්ථික විශේෂඥයෝ   ශ්‍රී ලංකාව මෙම කටයුත්තට කුමන ක්‍රමයකින් හෝ මැදිහත් වී නිරපරාදේ අපතේ යන මෙම අතිවිශාල ඩොලර් ප්‍රමාණය රැකගත යුතු  බව පෙන්වා දෙති.

  • හිරු –

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලේ කවුරුත් ජනාධිපති හමු වුණේ නෑ ! – අරගලකරුවෝ කියති… 

Next Post

අදින් පසු ලබන සති අන්තය වෙන තෙක්  ගෑස් ඉවරයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.