අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දිය රැකවරණය ලබමින් ලංකාව ගොඩනගන හැටි ජනපති ඉන්දීය මාධ්‍යයට කියයි…   

by editor
ජූලි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර  මෝදි හමුවී පැවැත්වූ සාකච්ඡාව   ඉන්දු-ලංකා සබඳතාවල ඉදිරි වසර 25 සඳහා අඩිතාලම වනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. 

ඉන්දීය මාධ්‍ය අමතමින් රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ රැකවරණය තුළ තමන්  ශ්‍රී ලංකාව ගොඩනගන හැටි සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරනු ලැබුවේය.

ඒ ප්‍රකාශය මෙසේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයෙන් නවදිල්ලියට පැමිණීමට ලැබීම මා ලද ගෞරවයක් ලෙස සලකනවා. පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරය මට සහ මගේ රජයට ඉතා වැදගත් සංචාරයක් බව කිවයුතුයි. මෙම සංචාරයේ දී මට සහ මගේ දූත පිරිසට දැක්වූ ආගන්තුක සත්කාරය වෙනුවෙන් මම අගමැති මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා.

අද උදෑසන අගමැති මෝදි මැතිතුමා සහ මට අපේ රටවල මෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල මෑත කාලීන වර්ධනයන් පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලැබුණා. ඉන්දියාවේ ජනතාවගේ වර්ධනය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණය යන ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් අගමැති මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව අඛණ්ඩව අත් කර ගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය පිළිබඳව මම සුබ පතනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රාජ්‍යයන්ට සහ ඉන්දියානු සාගර කලාපයට ප්‍රයෝජනවත් වනු ඇති බව අපි විශ්වාස කරනවා.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් අත්විඳින ලද අසාමාන්‍ය අභියෝග සහ මෙම අභියෝග ජය ගැනීමේදී මා විසින් ප්‍රතිසංස්කරණමය ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කළ බවට ද මම අග්‍රාමාත්‍ය මෝදි මහතාව දැනුවත් කළා.

අපගේ මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් අගමැති මෝදි මැතිතුමාට, ඉන්දීය රජයට සහ ජනතාවට මම එහිදී හෘදයාංගම ස්තූතිය පළ කළා.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන තත්ත්වය සමාලෝචනය කිරීමේදී, රටේ සෑම ප්‍රදේශයකම ජීවත්වන වන සියලුම ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන අයුරින්, යුක්තිය සහ සාධාරණත්වය සමඟ තිරසාර හා ස්ථාවර සංවර්ධනයක් කරා ගෙන යන ආර්ථික ප්‍රකෘතියක් ඇති කිරීමට මගේ කැපවීම මම එහිදී මෝදි අගමැතිතුමා සමඟ සඳහන් කළා.

මෑත කාලීනව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට යොමුව ඇති බවත්, මෙම ක්‍රියාමාර්ගවල ස්ථාවර ප්‍රතිඵල ශ්‍රී ලංකාව දැනටමත් අත්විඳිමින් සිටින බවත්, අප රට ලබා ඇති එම ප්‍රගතිය පිළිබඳ අද රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද විශ්වාසය ඇති වෙමින් පවතින බවත් මම මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත පැහැදිළි කළා.

ප්‍රතිසන්ධානය හා බලය බෙදීම සහ උතුරේ සංවර්ධන සැලැස්මේ බහුවිධ අංගයන් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මා පසුගියදා ඉදිරිපත් කළ විස්තීර්ණ යෝජනාවලිය පිළිබඳව ද මම එතුමා සමඟ සාකච්ඡා කළා. මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්මුතියකින් යුතුව සහ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබෙනවා.

මෙම උත්සාහයන් පිළිබඳ අග්‍රාමාත්‍ය මෝදී මහතා සිය ප්‍රසාදය සහ සහයෝගය ප්‍රකාශ කළා. අප දැන් අපේ ආර්ථිකයට වැඩි ප්‍රතිලාභයක් හිමි වන හා රටට වැඩි ආදායමක් ලැබෙන මෙන්ම සෑම ප්‍රදේශයකටම ප්‍රතිලාභ ලැබෙන ආයෝජන අවස්ථා සමග රට සංවර්ධන මවතට යොමු කළ යුතුව තිබෙනවා.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් ආධාරක පදනමක් ලෙස, වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් තුළින් අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ ඒකාබද්ධ දැක්මකට ද අප එකඟ වුණා.

අපගේ ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සම්පූර්ණ වෙනවා. ඉදිරි දශක කිහිපය තුළ අපගේ අනාගත පරම්පරාවන් සඳහා ප්‍රතිලාභ ලබාගත හැකි අයුරින්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අන්තර්ක්‍රියා තුළින් වඩාත් සුරක්ෂිත අනාගතයක් උදාකර ගැනීමට එම දැක්ම ඉවහල් වනු ඇති කියා මම විශ්වාස කරනවා.

අපගේ රටවල් දෙක අතර වසර දහස් ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය, සංස්කෘතික, මානව සහ වාණිජ අන්තර්ක්‍රියා හරහා එම ඒකාබද්ධ දැක්මෙහි පදනම සැකසී තිබෙනවා. අප දෙරට අතර සම්බන්ධතාවය නැමති නූල ඉතිහාසය විසින් වියන ලද්දක්. ඒ නිසා අනාගතය සඳහා එවැනි දැක්මක් ආරම්භ කිරීමට වර්තමානයේ වඩාත්ම සුදුසු අවස්ථාව මෙය බව අප විශ්වාස කරනවා.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වන විට දෙරට අතර පවතින සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප හඳුනාගෙන සිටිනවා.

මෑතකදී චෙන්නායි සහ යාපනය අතර ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක්. අනෙකුත් ගමනාන්ත වෙත ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සහ පලාලි ගුවන් තොටුපළ තවදුරටත් සංවර්ධනය කිරීම මෙම මුලාරම්භය සනිටුහන් කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

තලෙයිමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් – කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා දෙරට අතර මුහුදු ගමන් වර්ධනය කරනු ඇති. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාවන්හි අනෙකුත් ක්ෂේත්‍ර විමසා බැලීම ද ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තවදුරටත් ඉවහල් වෙනවා.

නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම ඉතා වැදගත් බවට අප එකඟ වුණා. ඩිජිටල් තාක්‍ෂණය මෙහෙයවන සේවා සැපයීම සහ පුරවැසි කේන්ද්‍රීය සේවා සඳහා ඉන්දියානු සහාය පිළිගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවෙනවා.

රටවල් දෙක අතර වැඩිදියුණු කරගන්නා සම්බන්ධතාවයන් සංචාරක ව්‍යාපාරය, අන්තර් පුද්ගල හුවමාරු සහ සංස්කෘතික සබඳතා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට එකඟතාවක් අප අතර තිබෙනවා.

පශ්චාත් කොවිඩි වසංගත ලෝකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සූදානමින් සිටින අතර ඉන්දියාව දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරයේ ඉහළම වෙළඳපොළ වෙනවා. ශ්‍රී ලංකාව තුළ Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම අනෙකුත් අංශවල තවදුරටත් වර්ධනයට ඉමහත් ලෙස පහසුකම් සපයනු ඇතියි.

හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා සහ ගෝලීය කැපවීම්වලට අනුකූලව, බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා, හරිත හා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ හවුල් වීම ඉතා වටිනා අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව දකිනවා.

මෙම සන්දර්භය තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුම සාර්ථක කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධි ධාරිතා විදුලි අන්තර් සම්බන්ධතා ජාලයක් ස්ථාපිත කිරීමට හැකි වන අතර එමඟින් දෙරට අතර ද්වි-මාර්ග විදුලි බල වෙළෙඳපොළට අවකාශ හිමි වෙනවා.

ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වනවා.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම, ශ්‍රී ලංකාව වෙත දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සම්පත් සැපයුමක් සහතික කරනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි සහ මම විශ්වාස කරනවා.

වැඩි සමාජ-ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන අපගේ පොදු උනන්දුව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපගේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට කිරි නිෂ්පාදන සහ සත්ත්ව පාලන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාවය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද අප සාකච්ඡා කළා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ප්‍රධාන අංගයක් වනවා. ඉන්දියාවේ ආධාර ඇතිව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම වැදගත් බවත් අප විශ්වාස කරනවා. එය අපගේ තරුණ තරුණියන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීමට ඉවහල් වන අතර ඔවුන් ජාතික සංවර්ධනට දායක කර ගැනීමක් ද වෙනවා.

අපගේ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීමට මෙන්ම භූගෝලීය සහ ඓතිහාසික සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, නූතන ලෝකයේ අනාගත අභිවෘද්ධිය සඳහා වන විශ්වාසය ශක්තිමත් කර ගැනීමටත් මගේ ඉන්දීය සංචාරය ඉවහල් වනු ඇති බව මම විශ්වාස කරනවා.

අද අප පැවැත්වූ සාකච්ඡා ඉන්දු-ලංකා සබඳතාවල ඉදිරි වසර 25 සඳහා අඩිතාලම වනු ඇති. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය, ජාතික සමගිය හා සියලුම ජන කොටස් අතර සංහිඳියාව ඇති කර ශ්‍රී ලංකා ජනතාවට සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන මාගේ දැක්මට එය දායක වන බව කිවයුතුයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩොලර් නැති පාකිස්තානය ගුවන් තොටුවල මෙහෙයුම් විදේශ සමාගම් වලට දෙන්න යයි

Next Post

කෙහෙළියට එරෙහි විශ්වාස භංගය  කථානායකට භාර දෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.