සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව 13 සම්පූර්ණයෙන්ම ඉල්ලයි…

ඉන්දීය විදේශ ඇමති ජෙයශංකර් ලංකාවට ඇවිත් කළ ඉල්ලීම ජනපති රනිල් කලින්ම තයිපොංගල් උත්සවයේ දි රටට ප්‍රකාශ කරලා...

by editor
ජනවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුල 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත් කඩිනමින්ද පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

තමිල්නාඩුවේ ප්‍රබල ඉල්ලීමක් වන මෙම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්ම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම වඩා පුළුල්ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමවේ. ඒමෙත් මෙම බලය බෙදීමේ ක්‍රියාවලියට බහුතරයක් සිංහල ජනයා සිය නොසතුට පළකරන අතරම එය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට බලයෙන් පටවන ලද තත්ත්වයක් ලෙස අර්ථ දක්වයි.

කෙසේවෙතත් මෙය දමිල ප්‍රජාව විසින් සමස්ථ ක්‍රියාවලියෙන් අඩක් පමණක් ලෙසට දකින අතර ඇතැමුන් එය ආරම්භක ලක්ෂය ලෙසද හුවා දැක්වීමට කටයුතු කරනු ලබයි.

ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අවපාතයේදී පළමුව ප්‍රතිචාරය දැක්වූ පාර්ශව ලෙසත් ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිය මූල්‍ය සහය ලබාදීමේ සහතිකත්වය ලබාදීම පදනම් කරගෙන අමාත්‍ය ජයශංකර් 13 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට බලකිරීම සිදුකළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉන්දියාව සැමවිටම සහාය දක්වන බව ප්‍රකාශ කළ ජයශංකර් කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන බලය බෙදීම සහ ඔහුගේ චින්තනය පිළිබඳව තමාට කරුණු දැක්වූ බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම තීරණාත්මක බව මම ඔහුට අපගේ මතය බෙදා ගැනීමේදී සඳහන් කළා. සංහිඳියාව සඳහා වන කල්පවත්නා උත්සාහයන් ශ්‍රී ලංකාවේ සියලුම කොටස්වල අවශ්‍යතා සඳහා වැදගත්. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ගැන ද මම එහිදී කතා කළා.″ යනුවෙන්ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියත්මක කිරීමට බලාපොරෝත්තු වන බවයි. එමෙන්ම යාපනයේ පැවති ජාතික තෛපොංගල් උත්සවයේදී ජනාධිපතිවරයා පවසා සිටියේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කර සංහිඳියාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජය පෙබරවාරි මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජයශංගකර් “මේ අවස්ථාවේ කොළඹට පැමිණීමේ මූලික අරමුණ මේ දුෂ්කර අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමයි. පසුගිය වසරේදී ඩොලර් බිලියන 4 ක් පමණ ණය පහසුකමක් ලබාදීම අපි කටයුතු කළේය. අප එය හුදෙක්ම අපේ අසල්වැසි වැසියන්ට අපිව අවශ්‍යම අවස්ථාවේදී සහය ලබාදීමක් විදිහටයි දකින්නේ.″ යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවෙන් පලා ගිය පවුලකට ඉන්දියාවේ සරණගාතභාවය ලැබෙයි…

Next Post

ලොස් ඇන්ජලීස් චීන අවුරුද්දට වෙඩි තිබ්බේ 72 හැවිරිදි ආසියානුවෙක්… ඔහුත් මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.