අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව හයිඩ්‍රජන්වලින් කෝචිචි දුවද්දී සුද්දා හදාපු පාරෙනුත් පීලි පනින අපි!  

by Lanka Sara Editor
ජනවාරි 31, 2023 - Updated on පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද වන විට ලොව පුරා වැඩිපුරම කතා බහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ පුනර්ජනනීය බලශක්ති සහ පරිසර හිතකාමී බලශක්ති පරිභෝජනයයි.

ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සිය අවධානය යොමුකර ඇති අතර පසුගිය කාලය පුරාවටම ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවලදී වැඩියෙන්ම අවධානය යොමු වූ කාරණයක් බවට පත් වුයේ ද පුනර්ජනනීය බලශක්ති භාවිතයයි.

මෙහිදී ලොව පුරා රටවල් රැසක් සිය බලශක්ති උත්පාදනයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගන්නා බවට පොරොන්දු ලබා දුන්නද එම පොරොන්දු ඉටු කිරීමට බොහොමයක් රටවල් අපහෝසත්ව ඇති බව නොහරසකි.  මෙවැනි පසුබිමක් තුළ පුනර්ජනනීය බලශක්තිය සත්‍ය වශයෙන්ම භාවිත කිරීමට රටවල් එක්වන්නේද යන්න බහුතරයක් දෙනාගේ සැකයකට මතුව ඇති බවද සඳහන් කළ යුතුමය.

 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එහෙත් මෙම සැකයන් සියල්ල දුරකමින් සිය පොරොන්දු ඉටු කිරීමට පසුගිය කාලය පුරාම කැපවූ රටවල් කීපයක් පවතින අතර ඉන් ප්‍රමුඛයා බවට පත් වීමට ඉන්දියාව සමත් වීමද විශේෂත්වයකි. මේවන විට ලොව වැඩිම ජනගහන වර්ධන වේගයක් සහිත නුදුරේදීම ලොව වැඩිම ජනගහනයක් පවතින රට බවට පත්වීමට නියමිත ඉන්දියාව මෙම තත්ත්වයට පත්වීම සුවිශේෂී කාරණයකි.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ලොව මෑත කාලයේදී වැඩිම ආර්ථික වර්ධන වේගයකට උරුමකම් කීමට ඉන්දියාව සමත්ව ඇති පසුබිමක සිය ආර්ථික අරමුණු ඉටු කරගැනීමට තිරසාර සංවර්ධන ප්‍රවේශයකට යොමුවීමය.

ඉන්දියාවේ බලශක්ති, ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ නවතම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ 2021 ත් 2022 මූල්‍ය වර්ෂ තුළදී ඉන්දියාවේ පුනර්නනීය බලශක්ති සඳහා වූ ආයෝජන වාර්තා ගත මට්ටමින් ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව 2020 හජ 2021 මූල්‍ය වර්ෂය හා සසඳන විට එම ආයෝජනයන් සියයට 125 කින් සහ 2019 හා 2020 මූල්‍ය වර්ෂයේද කොරෝනා වසංගතය පෙර  කාලපරිච්ඡේදය හා සසදන විට ඊට වඩා සියයට 72 කින් පුනර්ජනනීය බලශක්තිය අයෝජනය කර ඇත.  එමෙන්ම 2020 හා 2021 මූල්‍ය වර්ෂ වලදී  ඩොලර් බිලියන 14.5 ක්  පුනර්ජනනීය බලශක්ත් ක්ෂේත්‍රය ආයෝජනය කර ඇති බවට අනාවරණය වේ.

මේ අතර ඉන්දීය රජය විසින් 2023 හා 2024 අනුමත කළ ඇය වැය මගින්ද පරිසර හිතකාමී හයිඩ්‍රජන් බලශක්ති නිපදවීමට ප්‍රවර්ධනය කිරීමත් වර්ධනය කිරීමත් සඳහා වැඩි අවධානයක් යොමුකර ඇත. ඒ අනුව ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් කෝටි දහ නවදහස් හත්සිය හතලිස් හතකර මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට පියවර ගෙන තිබිණි.

 

මෙම ප්‍රාග්ධන මුදල් වෙන් කිරීමට මගින් ඉන්දියාව කළාපයේ පුනර්ජනනීය බලශක්ති නිපදවීමේ ප්‍රමුඛයා බවට පත්වීමට අරමුණු කරගනෙ ඇත. එමගින් ඉදිරියේදී හයිඩ්‍රජන් බලශක්ති නිපදවීමෙන් ඔබ්බට ගොස් අපනයන සඳහාද ඉන්දියාව මේවන විට මූලික සැලසුම් සකස්කර  අවසන් වීමද විශේෂත්වයකි.

 

ඉන්දියාව විසින් මීට අමතරව සිය ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට ඉතා සූක්ෂම ලෙස වැඩපිළිවෙලක් දියත්කර ඇත. එහිදී ඉන්දීයාව විසින් තමන්ට අවශ්‍යය ජෛව ඉන්ධන නිපදවීම ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත්ව තිබේ.

ඒ අනුව ඉන්දියාව විසින් මේවන විට එරට නිෂ්පාදනය කරනු ලබන උක් යොදා ගැනීමට සමත්ව ඇත. මෙහිදී ඉන්දියාව ඉතා සීඝ්‍ර සාර්ථකත්වයක් අත් කර ගැනීමටද සමත්ව තිබීම විශේෂත්වයකි. ඉන්දියාවේ මෙම වැඩසටහනේ එක් අරමුණක් වන්නේ ඉන්දියාව වැඩිම අපනයන වියදමක් දරන බොරතෙල් ආනයන අවම කිරීමත් එමගින් ඇතිවන අහතිකර පාරිසරික බලපෑම් අවම කරගැනීමත්ය.

 

මෙම වැඩසහනේ එක් පියවරක් ලෙස ඉන්දිය රජය විසින් උක් යොදාගෙන එතනොල් නිපදවීම සාර්ථකව පවත්වාගනෙ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේවන විට ඉන්දියාව සිය පෙට්‍රෝලියම් ආශ්‍රිත ඉන්ධන වලට උක් මගින් ලබාගන්නා එතනොල් මිශ්‍ර කිරීම සිදුකරන ලබයි.

 

මෙලෙස එතනොල් අනෙක් ඉන්ධන සමඟ මිශ්‍රකර යොදා ගැනීම මගීන් අදවන විට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර එමගින් ඉන්දියාව සිය ඉන්ධන ආනයන වියදම්ද ඉතා සැලිකය යුතු මට්ටමකින් පහළ දමා ගැනීමටද සමත්ව ඇත.

රජයේ දත්ත වාර්තා වලට අනුව වර්ථමානය වන විට ඉන්දියාව විසින් සිය පෙට්‍රෝලියම් නිෂ්පාදන සමග උක් යොදාගෙන නිපදවනු ලබන එතනෝල් සියට දහයක් ප්‍රතිශයතයකින් මිශ්‍ර කිරීමටද සමත්ව තබේ.  ඒ් අනුව ඉන්දියාව උක්ගස් යොදාගෙන එතනොල් ලීටර් බිලියන 4.5ක් නිපදවීමට සමවත්ව ඇත. එය ඉන්දියාවේ සමස්ථ පෙට්‍රෝලියම් නිෂ්පාදන ප්‍රමාණය සමඟ සංඛ්‍යාත්මකව සසදා බලන විට විශාල ප්‍රමාණයකි.

 

මේ අතර ඉන්දියාව විසින් 2025 වර්ෂය වන විට එරට පෙට්‍රෝලියම් නිෂ්පාදන වලින් සියයට 20ක උක් මගින් නිපදවන එතනොල් යොදා ගැනීමට නියමිතය.  මෙම වැඩසටහන අනුව ඉන්දියාව විසින් එරට උක් ගොවීන්ට ඉතා සාධාරණ ආදායමක් උපයා දීමටත් එක අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අපෙක්ෂා කරයි.

 

උක් වගාව මගින් එතනොල් නිපදවීම සම්බන්යෙන් යම් පාරිසරික ගැටලුවක් ඇතිවන්නේද යන්න ඉන්දියාව මීට පෙරද දීර්ඝ වශයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වූ කරණය වන්නේ උක් වගාවට සැලකිය යුතු ම්ටමකින් ජලය අවශ්‍ය වුවද එය සාර්ථිකව  ජලය කළමනාකරණය කිරීමට සමත්වීමත් සමඟ එය පාලනය කිරීමට සමත්ව ඇති බවයි.

 

ඒ අනුව භූගත ජලය විශාල වශයෙන් නොමැති මහරාෂ්ඨ වැනි ප්‍රදේශ වලද ඉන්දියාව ඉතා සාර්ථකව උක් වගාව පවත්වාගෙන යයි. එහිදී ඔවුන් වේලි ඉදි කිරීමෙන් රැස් කරගත්ත ජලයයොදා ගන්නා අතර වර්ෂා කාලයේදී භූගත ජලය යලි ස්ථාපනය විම සිදුවේ. මෙමගින් උක් වගාව මගින් කිසිදු පාරිසරික බලපෑමක් ඇති නොවීම සාර්ථක පුනර්ජනනීය බලශක්ති නිපදවීමක් බවත් පත්ව ඇත.

 

මේ අතර ඉන්දියාව සිය වැඩි අවධානයක් සූර්ය බල උත්පාදයන කෙරෙහිද යොමුකර ඇත. මෙහි ප්‍රතිඵලක් ලෙස ලොව සූර්ය බලයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාවෙන් සිව්වන ස්ථානයට පත්ව ඇති අතර ඉකුත් වසරේදී ඉන්දියාව විසින් සූර්ය බලයෙන් විදුලිය මොගාවොට් හැට තුනකට අධික ප්‍රමාණයක් නිපදවීමට සමත්ව තිබේ.

 

ඒවැනි පසුබිමක් තුල ඉන්දියාව ඉතා සාර්ථික ලෙස සිය පුනර්ජනනීය බලශක්ති නිපදවීම කෙරෙහි අවධානය යොමුකර තිබීමද විශේෂත්වයකි.

 

මින් නොනැවතුණු ඉන්දියාව එරට වඩා බහුලව භාවිතා වන දුම්රිය පද්ධතියද පරිසර හිතකාමී සේවාවක් බවට පත්කිරීමට පියවරගෙන ඇත.  යුරෝපයේ මෙන්ම ඉන්දියාව තුලද හයිඩ්‍රජන් මගින් ධාවනය වන දුම්රිය සේවාවක් ආරම්භ කිරීමටද තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතියට අදාල මූලික සැලසුම් මේවන විටත් අවසන් කර ඇති අතර මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙම දුම්රිය ධාවනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ඉන්දීය දුම්රිය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව මෙම දුම්රිය ඉන්දියාවේ පාරිසරික සුන්දරත්වය ඉහළම ප්‍රදේශ වලට වැඩි වශයෙන් ධාවනයට අවාධනය යොමුව ඇති අතර ඒමගින් පරිසරය ආරක්ෂා කිරීමටද අපේක්ෂිතය.

ඉන්දියාව විසින් මේවනිට පුනර්ජනනීය බලශක්තිය යොදාගෙන බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම සමස්ථ කළාපයටම වැදගත් ආදර්ශයක් සපයන අතර ඉදිරියේදී මෙම ප්‍රවනතා අනෙක් රටවල් වලටද අනුගමනය කිරීමට හැකියාවන ලැබෙනු ඇති බවට අපෙක්ෂා කළ හැකිය.

එහෙත් ඒ හා සමාන ධාරිතාවකින් යුතු බගලශකති ක්සෙත්‍රෙය් විද්වතුන් ප=ර්යේෂකය් සහ විශේෂඥයන් සිටින ඊට අසල්වැසි ශ්‍රි ලංකාවේ බලශකතිය පිළිබඳව තතත්වය සැලකීමේදී අප සිටින්නේ අහසට පොළොව මෙන් ඈත් තැනකය. එයට හේතුව වී ඇත්තේ අපේ නැ.ි බැරිකම නොව නොහැකියාවය. සියලු සම්පත් ඒකාග්‍ර කිරීමේ ප්‍රතිපත්තිමය දැක්මෙන් හීන වීමය. පසුගියදා ඉන්දියාව සිය නිදහස් දිනය සැමරුවේ අභිමානයකිනි. එහෙත් අපට තව දින කිහිපයකින් අපේ නිදහස සමරන්නට සිදුව ඇත්තේ ජාකියක් ලෙස අඳුරේ හිඳිමිනි. ඉන්දියාව හයිඩ්‍රජන්වලින් කෝචිචි දුවන තත්ත්වයට යද්දී සුද්දා හදා දුන් පාරේ දුවපු කෝච්චි  ටිකත් විවිධ ප්‍රශ්න  නිසා ගාල් කරන්නට අපේ රටට සිදුව ඇත. අඩුම තරමින් ඉන්දියාව දෙස බලාගෙනවත් හැදෙන්නට අපට බැරිද?

Share69Tweet43
Previous Post

හෙට ඇදුරු අහසක්… දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගිරුම් සහිත වැසි…

Next Post

අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩි කරන්න දෙන්න බෑ! මහජන උපයෝගීතා කොමිසම යළි කියයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.