අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අතීතයට බලපාන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කිරීම සදහා වූ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කළ බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ගේ ඒකමතික ව අනුමත කළ බවද ඔහු පවසයි.
පසුගියදා කැබිනට් පත්‍රිකාවක් මඟින් ජනවාරි මස පළමුවැනිදා සිට බලපාන පරිදි අන්තර් කාලීන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් එවූ අතර එය විදුලි බල සංශෝධන පනතට අනුව සිදු කළ නොහැකි බවට කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට නිල වශයෙන් යැවීමට කටයුතු කෙරිණි. කෙසේ වුවද පසුව කොමිසමේ සාමාජිකයන් තිදෙනකු තමන් මුලින් දැර මතය වෙනස් කරමින් සභාපතිවරයා තම මතය නොවිමසමින් කැබිනට් ලේකම්වරයාට අදල ලිපිය යැවූ බව සඳහන් වුණි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය මහජන උපයෝගීතා කොමිසම අපේක්ෂා කළ අතර මේ වනවිට නීතිපති මතය මහජන උපයෝගීතා කොමිසම ට ලද බව සඳහන් විය.