බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සමග සෑම ක්ෂේත්‍රයකම සබඳතා ප්‍රවර්ධනය කිරීමට සූදානම්… ජනපති ගෝලීය දකුණේ හඬ රාජ්‍ය නායකයින් අමතමින් කියයි!

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ  අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

ජනාධිපතිවරයා   මේ බව සඳහන් කර සිටියේ “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය පසුගිය 17 වනදා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.

දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදි ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයින් රැසක් ඊට එක්ව සිටියහ.

සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කළේය.

පළමු වරට පැවැත්වූ ගෝලීය දකුණේ හඬ සමුළුවේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නායකත්වය සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රමුඛතා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම අගය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවති G20 සමුළුවේ සාර්ථකත්වය සිහිපත් කළ  ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ප්‍රධාන ප්‍රමුඛතා සහ විවිධ ගැටළු හඳුනාගැනීමට එමගින් හැකි වූ බව ද සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති පළමු සමුළුවේදී, ආර්ථික ගැටළු, එනම් ණය පියවීමේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා පවතින සීමිත ප්‍රවේශය වැනි ගෝලීය දකුණ විසින් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව තමා දැක්වූ අදහස් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ G20 රටවල් අතර පාලමක් ලෙස ඉන්දියාව ක්‍රියාකිරීම සහ බහුපාර්ශ්වික ආයතනවලින් හා සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලින් මේ සඳහා බාහිර ආධාර අවශ්‍ය  බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය  ඉදිරිපත් කර ඇති බව   පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී ණයගැතිභාවය පිළිබඳ ගැටලුවේ සංකීර්ණත්වය වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සඳහා තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් ණයහිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සහයෝගීතාවක් ඇති කර ගත යුතු බව ද සඳහන් කළේය.

අනාගතය දෙස බලමින් දිගුකාලීන වර්ධනයක් සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ  අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

ඩිජිටල්කරණයේ දී අද ඉන්දියාව ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති බවත්, එම ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

ආර්ථික වර්ධනයේ දී මෙන්ම ඵලදායී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයේ දියුණුව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද අහමදාබාද් තණ තීරුව කෙසේ හැසිරෙයි ද?… කමින්ස් තණ තීරුව දිහා බලාගෙන කී කතාව!

Next Post

අය – වැය විවේචනය කරද්දි සමහර අයට හොඳටම රිදිලා – නාමල් කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.