සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද අහමදාබාද් තණ තීරුව කෙසේ හැසිරෙයි ද?… කමින්ස් තණ තීරුව දිහා බලාගෙන කී කතාව!

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ලෝකයේ වර්ණවත්ම ඕවර සියය යැවෙන දිනය අදය.  තව පැය කීපයකින් තරගය ආරම්භ වනු ඇත.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟය අද (19)ය. අද  තරගය  පැවැත්වෙන්නේ  ඉන්දීය-පකිස්ථාන තරගය සඳහා භාවිතා කරන ලද නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ අංක 5 තණතීරුවය.

ඉන්දීය පකිස්ථාන තරගය පැවැත්වූයේ ඔක්තොම්බර් 14 වැනිදාය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. පකිස්ථානය පන්දු ඕවර 42.5ක දී ලකුණු 191කට දැවී ගියේය. ඉන්දියාව පන්දු ඕවර 30.3ක දී කඩුළු 03ක් පමණක් දැවී ඉලක්කය පසු කළේය. මුළු තරගයේම යවනු ලැබුවේ පන්දු ඕවර 72.5කි.

එදා පකිස්ථාන ඉන්දියා  තරගය පැවැත්වූයේ  උණුසුම් හා වියලි කාලගුණයක් පවතින අවස්ථාවකය.   මාසයකට මඳක් වැඩි කාලයකට පසු, අහමදාබාද්හි ශීත ඍතුව ආරම්භ වෙමින් ඇත, සවස් කාලය සිසිල් වන අතර  පිනි බහුලය. අංක 05 තණතීරුව අංක. 5  තණ තිරූව තෙතමනය සහිතය.  ඊට වතු දමා රෝලරයෙන් තලා තිබේ.  තණතීරු භාරකරු විශ්වාස කරන්නේ එය දැන් යම් ප්‍රමාණයක තෙතමනයක් රඳවා තබා ගන්නා බවය.

අහමදාබාද් ක්‍රීඩාංගනය තණ තීරු 11කින් සමන්විතය. අද තරගය පැවැත්වෙන තණ තීරුව ඇතුලු 1 -5 දක්වා තණතීරු සකකස් කර ඇත්තේ දේශීය කළු මැටි පසෙනි.  සමස්ථයක් ලෙස අහමදාබාද් තණතීරු පන්දුව හොඳින් ඉපිලෙන මෙම තණතිරු ටෙස්ට් නොවන තරග සඳහා වඩාත් සුදුසු බව කියැවිනි. ඉතිහාසය අනුව මෙම තණතිරු  වැඩි වාසි ගෙනාවේ පන්දු යවන්නටය. දඟ පන්දු යවන්නනට වඩා වේග පන්දු යවන්නන් කඩුළු ලබාගෙන ඇතත් දඟ පන්දු යවන්නන් විෂයෙහි ලකුණු ලබා දීමේ සාමාන්‍ය වී ඇත්තේ ඕවරයට ලකුණු 4.89කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අවසන් සැකසුම

ඉතිහාසය

මෙම ක්‍රීඩාංගනයේ මේ වනවිට අන්තර්ජාතික තරග 32ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 17ක් ජයග්‍රහණය කර ඇත්තේ මුලින්ම පන්දුවට පහර දුන් කණ්ඩායම්ය. මුලින් පන්දු යැවූ කණ්ඩායම් 15ක් තරග ජයග්‍රහණය කර ඇත.

මෙම සමස්ථ තරග  සලකා බැලූ විට දී මුල් ඉනිමේ ලබා ගත් ලකුණුවල සාමාන්‍යය ලකුණු 237කි. දෙවැනි ඉනිමේ ලබා ගත් ලකුණු සාමාන්‍යය ලකුණු 208කි.

මෙම ක්‍රීඩාංගනයේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ වර්ෂ 2010 පෙබරවාරි 27 දා පැවති ඉන්දියා දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ  තුන් වැනි තරගයේ දීය.  එහිදී මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 365ක් රැස් කළහ. හඹා ගිය ඉන්දියානු කණ්ඩායම ලකුණු 275කට සියල්ලෝ දැවී ගියහ. දකුණු අප්‍රිකාව ලකුණු 90කින් ජයග්‍රහණය කළේය.

හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන ලකුණු 324 ය. ඒ වර්ෂ 2002 නොවැම්බර් 15 වැනිදා පැවැත්වූ ඉන්දියා බහිර ඉන්දීය කොදෙව් තරගයේ දී ය. එහිදී ඉන්දියාව හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 325ක් ලබාගෙන කඩුළු 05කින් ජය ගත්තේ පන්දු 14ක් ඉතිරිව තිබිය දීය.

ඒ ඉතිහාසගත කතාවල ස්වරූපයට වඩා නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාජංගනයේ තණ තීරු දැන් වෙනස්ය. ඒ ගැන කී අලුත්ම කතාව ඉන්දියාව සහ පකිස්ථානය අතර පසුගි දා පැවැත්වූ  ඉහත  සඳහන් කළ ලෝක කුසලාන තරගය ය.

රෝහිත් සහ ඩ්‍රාවිඩ් ගේ තණ තීරු පරීක්ෂාව

ඉන්දියාවේ   රෝහිත් ෂර්මා සහ පුහුණුකරු  රාහුල් ඩ්‍රාවිඩ් සිකුරාදා සවස    දැල් තුළ කෙරෙන ඉන්දීය  පුහුණුවීම්  අතරතුර සැලකිය යුතු කාලයක් තණතීරුව ප්‍රදේශයේ ගත කර තිබුණහ.

ඕස්ට්‍රේලියාව සිකුරාදා සවස අහමදාබාද් වෙත පැමිණි අතර සෙනසුරාදා උදෑසන අවසන් මහා තරගයට පෙර ඔවුන්ගේ පළමු සහ එකම පුහුණු සැසිය පැවැත්වූහ.

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඊයේ තරගයට පෙර මාධ්‍ය හමුවට පැමිණි  විට පළමු ප්‍රශ්නය වූයේ යාර 22 ගැනය.

“විකට් එක දැක්කද පැට්?”

“ඔව්, දැන් බැලුවා.”

“ඔයා මොකක්ද ඒකෙන් තීරණය කළේ ?”

“නැවතත්, මම හොඳ තණතීරු කියවන්නෙක් නොවෙයි, නමුත් තණ තීරුවේ  ඉතා ස්ථිර තද බවක් පෙනෙන්නට තිබුණා. ඔවුන් එයට වතුර දමලා., එබැවින්   එයට තවත් පැය 24 ක් ලබා දී බලමු. නමුත් එය හොඳ කඩුල්ලක් ලෙස පෙනෙනවා.”

“එය කලින් භාවිතා කර තිබුණ ද?”

“ඔව්, මම හිතන්නේ පකිස්තානය සමග තරගයේ දී එම තණ තිරුවේ   සෙල්ලම් කළා.”

” කොල්කටාට සාපේක්ෂව  මේ තණ තීරුවවේ හැසිරීම     ඔබ අපේක්ෂා කරන්නේ කෙසේද?”

“එය ගැන දැන්ම දැනගන්න අමාරුයි, මම හිතන්නේ තරඟාවලිය පුරාවටම මෙතන ටිකක් වැඩි ලකුණු ලබාගත්තා කියලා. ඔව්, ඒක හොඳ කඩුල්ලක්, “

ඉන්දියානු උපමහාද්වීපයේ දී සාමාන්‍යයෙන්  මෙවැනි තණතීරුවල පන්දු යැවීමේ අභියෝග ගැන කමින්ස්ගෙන් මාධ්‍ය විමසුවේය. ඔහු පැවසුවේ  පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්දියාවේ   සැලකිය යුතු කාලයක් ගත කළ හෙයින්  එහි තණතීරුවල තත්ත්වයට හුරු විමට හැකි වූ බව කමින්ස් කීවේය.

ඉන්දියාවේ නවසීලන්තයට එරෙහිව මුම්බායි හි පැවැත්වෙන අවසන් පූර්ව තරගයට පෙර තණතීරුව මාරු කළේය.  ඒ වටා ඇති වූ විරෝධයෙන් පසුව, මාධ්‍ය කමින්ස්ගෙන් විමසන ලද්දේ මතුපිටින් ඉන්දියාවට සිය භූමිය තුළ ඇති  වාසිය කොපමණ වේද යන්නයි.

” ඒ තත්ත්වය කියන්න අමාරුයි,” ඔහු පැවසීය. “එය පැහැදිලිවම කණ්ඩායම් දෙකටම එක හා සමානයි. ඔබේම රටේ ඔබේම කඩුල්ලේ ක්‍රීඩා කිරීමෙන් ඔබ ඔබේ මුළු ජීවිත කාලයම ක්‍රීඩා කළ කඩුලු හා සමාන වාසි කිහිපයක් ඇති බවට සැකයක් නෑ… නමුත් අපිත් ඉන්දියාව තුළ  බොහෝ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා.”

“ඉතින්, ඔව්, අපි බලා සිටිමු. මම හිතන්නේ, සියලුම ස්ථාන, සමහර විට මෙම ස්ථානය – ඒ වගේම මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයක් හෝ වෙනත් ක්‍රීඩාංගනයක් ලෙස කාසියේ වාසිය එතරම් වැදගත් නෑ…

එබැවින්,   ඔවුන් අපට එල්ල කරන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අප සූදානම්ව ඉන්නවා. ඔව්, අපි බලා ඉඳිමු.,  අපට සැලසුම් කිහිපයක් ඇති බවට අපි සහතික වෙනවා.”

නායක පැට් කමින්ස් කියන්නේ එසේය.

රෝහිත් ෂර්මා ආයසාකර සැහැල්ලුවකින්

ඕස්ට්‍රේලියාවට  එරෙහි අවසන් මහා තරගයට දිනකට පෙර අහමදාබාද්හි පැවති මිනිත්තු 36ක  තරගයට පෙර අවසන් මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා කීවේ   ජයග්‍රහණය කිරීම සතුටක් වුවත්, පීඩනයක් ගෙන ක්‍රීඩා කිරීමට තම කණ්ඩායම  බර වන්නේ නැති බවය.

ජයග්‍රහණය කිරීම සතුටක්’. මට එය නැවත කියන්නට අවශ්‍යයි: එය එසේ වනු ඇති.   අපි ඇත්තටම වෙහෙස මහන්සි වී වැඩ කළා. නමුත් මට ඕනෑවට වඩා කලබල වීමට සහ ඒ ගැන වැඩි පීඩනයක් ගැනීමට අවශ්‍ය නැත.” රෝහිත් ෂර්මා පවසයි.

තව ටිකකින් ඇරඹෙන තරගය ඉන්දියාව පාර්ෂවය ලෝක කුසලාන ජයග්‍රහණයක් සඳහා මරාගෙන මැරෙන සටනක් සෑම අංශයකින්ම දෙන තරගයක් බව ක්‍රිකට් බලන අපට හිතෙන බවත් ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිඹුලාගලින් හමුවූ අවුරුදු 2300ක් පැරණි  ලංකාවේ විශාලතම සෙල් ලිපිය පිටපත් කර අවසන්… සති තුනක් ඇතුළත අන්තර්ගතය ගැන ප්‍රකාශයක්!

Next Post

ඉන්දියාව සමග සෑම ක්ෂේත්‍රයකම සබඳතා ප්‍රවර්ධනය කිරීමට සූදානම්… ජනපති ගෝලීය දකුණේ හඬ රාජ්‍ය නායකයින් අමතමින් කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.