අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගලින් හමුවූ අවුරුදු 2300ක් පැරණි  ලංකාවේ විශාලතම සෙල් ලිපිය පිටපත් කර අවසන්… සති තුනක් ඇතුළත අන්තර්ගතය ගැන ප්‍රකාශයක්!

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද සඳහන් කරයි.

දිගින් අඩි 50 ක් පමණ සහ උසින් අඩි නමයකින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවූ ලිපියක සඳහන් වේ.

මීට වසර 2300කට පෙර එනම්  ක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ    දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවදත් පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද  සඳහන් කරයි.

සෙල් ලිපිය පිටපත් කරමින්…

සැප්තැම්බර් 26 වෙනිදා මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඉකුත් නොවැම්බර් 18 වැනිදා එම පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු  තනිව සිදු නොකරන බවත්, ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඉතා ඉක්මනින්  කියවා රටට මෙහි තොරතුරු හෙළිදරව් කරන බවත් තනුර දයානන්ද   සඳහන් කරයි.

මෙම අති දුර්ලභ විශාලතම සෙල් ලිපිය මාධ්‍ය මගින් හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම සෙල්ලිපිය බැලීමට බොහෝ පිරිස් පැමිණෙන බවත්, කෙසේ වෙතත් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැතිය අතර මෙම ස්ථානයට පූර්ණ ආරක්ෂාව යොදා පළමුවෙන්ම එම සෙල්ලිපිය ආරක්ෂා කරගත යුතු බවත්, ඉන් අනතුරුව එම සෙල්ලිපිය නැරඹීමේ සඳහා එම ස්ථානයට ලඟාවීමට ගමන් මාර්ගයක්, සහ  පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවත්  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනා ධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අප සමග සඳහන් කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහ වැසි මැද පිටපත් කළ ආකාරය…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 කගෙන් පමණ යුත් කණ්ඩායමක් ඉතාකෙටි කාලයක් තුළ අධික වර්ෂාව මධ්‍යයේ එම විශාලතම සෙල්ලිපිය පිටපත් කිරීමට මැදිහත් වීම පිළිබඳව තමන් වහන්සේගේ විශේෂ ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනමන බව නාහිමියෝ කීහ.

ඉතිරි වැඩකටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහාය උපකාරය අවශ්‍ය වන බවද රාහුලාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් එම විශාලතම සෙල්ලිපියේ ලියැවී ඇත්තේ කුමක්ද, එහි ඉතිහාසය මෙන්ම සියලු තොරතුරු සති තුනක් තුළ රටට හෙළිදරව් කරන බවට තමාට පොරොන්දු වී ඇති බව   රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලයිට් හවුස් හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

Next Post

අද අහමදාබාද් තණ තීරුව කෙසේ හැසිරෙයි ද?… කමින්ස් තණ තීරුව දිහා බලාගෙන කී කතාව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.