තමන් අයවැය විවේචනය කිරීම සම්බන්ධයෙන් සමහරුන් රිදවාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඕනෑම ආණ්ඩුවක වැරැද්දක් ඇතොත් ජනතාව වෙනුවෙන් එම වැරැද්ද පෙන්වා දීමට තමුන් අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බව ඔහු කියයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කාබනික පොහොර භාවිතය වැනි වැරදි තීන්දු තීරණ වලට නිශ්ශබ්දව සිටීම නිසා අද මෙවැනි තත්වයක් රටට උදා වී අතැ බවය.
එයින් පාඩමක් ඉගෙන ගෙන ඇති තමන් අයවැය පමණක් නොව ඕනෑම ආණ්ඩුවක වැරදි විවේචනය කිරීමට හා පෙන්වා දීමට පසුබට නොවන ප්‍රකාශ කරයි.
බදු ප්‍රශ්නය ගැන අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසන්නේ රට බංකොලොත් වූයේ බදු සහන නිසාවෙන් නම් බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ඉඩ දුන් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එම කටයුත්තට දායක වී ඇති බවය.
රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ එදා යහපාලන ආණ්ඩුවේ සිටි වත්මන් සජබ ලොක්කන් සහ යහ පාලන ආණ්ඩුව ගෙනඒමට මුක්කු ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් යැයි ද නාමල් රාජපක්ෂ තවදුරටත් පැවසීය.
2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර. එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සජබයෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය