අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලානය බේරගන්න ඉන්දියාවට ලකුණු 240ක් ඇති ද?

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
කෝලි දැවී ගිය  අයුරු....

කෝලි දැවී ගිය අයුරු....

Share on FacebookShare on Twitter

ඉන්දියාව සිය ලෝක කුසලාන ඉනිම ලකුණු 240කින් නිමා කර ඇත. ලෝක කුසලානය අත්පත් කරගැනීමේ ඔස්ට්‍රේලියානු ඉලක්කය 241කි.

එක් ලක්ෂ තිස් දහසක ප්‍රේක්ෂක පිරිසක් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ක්‍රීඩාව නරඹමිනි. නිල් පහැයෙන් වැසී ගත් ක්‍රීඩා ගාරවල තැන තැන කහ පැහැති ඇඳුමින් පෙනෙන ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ය. එකම දැවැන්ත ජය ඝෝෂාවකි.

එහෙත් ඔස්ට්‍රේලියාව සිය මුල් කාර්තුව සාර්ථකව නිමා කර ඇත්තේය. කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් දැනෙන සුළු සම්බන්ධයක් නොතැබූහ. ගිල් මිෂෙල් ස්ටාක්ට ලකුණු හතරකට ගොදුරු විය. පළමු කඩුල්ල දැවී යන්නේ කණ්ඩායම  ලකුනු තිහක් ලබා තිබිය දිය.

ඉන් අනතුරුව කෝලි සහ රෝහිත් ෂර්මා අතර ලකුණු හතලිස් හතක සම්බන්ධයක් ගොඩනැගිනි. පන්දු තිස් එකකට හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුනු හතලිස් හතක් ලබා ගත් නායක රෝහිත් ෂර්මා දවා ගැනීමට  ට්‍රෙවිස් හේඩ් රැකගත් අති විශිෂ්ඨ උඩපන්දුව මෙම තරගය ඔස්ට්‍රේලියාවට ආධිපත්‍ය පැතිරවිය හැකි ව  තිරණාත්මක ලක්ෂය බව පෙනුණි.  පන්දු යැව්වේ ග්ලෙන් මැක්වෙල්ය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රෙයාස් ලියර් ලකුනු 04කට පැට් කුමින්ස් හමුවේ දැවී ගියේය. එහෙත් යළිත් 4වන  කඩුල්ල වෙනුවෙන්  යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගන්නට විරාට් කොලි සහ කේ.එල්. රාහුල් සමත් වූහ. ඔවුන් අතර ලකුණු 57ක සම්බන්ධයක් ගොඩනැගිනි. නායක පැට් කමින්ස් ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් කෝලි දැවී යනවිට ඔහු සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන තිබිණි. ලකුණු 54 කෝලි ලබා ගත්තේ පන්දු 63ක දී ය. හතරේ පහර එල්ල කර තිබුණේ 04ක් පමණි.  කෝලි මේ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රිඩකයාය. ඔහු සිය ලකුණු 54ටම එල්ල කර තිබුණේ 4 පරහර 4කි. කේ.එල්. රාහුල් ලකුණු 66ක් ලැබුවේය. ඔහු ඒ ලකුණු 66ටම එල්ල කළේ හතරේ පහර 01කි. දෙදෙනාම හයේ පහර එල්ල කළේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ස්වරූපයෙන්ම මේ තණ තීරුවේ ස්වරූපය වටහා ගත හැකිය. එය ලකුණු සහිත තණ තීරුවක් නොවන බවට  මූලික ලක්ෂණ පෙන්වා ඇත. රාහුල්, කෝලි සහ ෂර්මා හැරුණු විට කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලකුණු 18ක් ලබා ගත් සූරිය කුමාර් යාදේව්ය. ඔහු ලකුණු 18කි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 09කට, මොහොමඩ් ෂාමි ලකුණු 06කට, ජස්පිට් බුම්රා ලකුණකට දැවී ගියේය. මෙහොමඩ් සිරාජ් නොදැවී ලකුණු 09කි. අමතර ලකුණු 12කි. ඉන්දියාව ලකුණු 240කට දැවී ගොස්ය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිෂෙල් ස්ටාක් ලකුණු 55ට කඩුළු 03ක්, ජොස් හස්ල්වුඩ් ලකුණු 60ට කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 34ට කඩුළු 02ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 35ට කඩුල්ලක් සහ ඇඩම් සම්ප්සා ලකුණු 44ට කඩුල්ලක් දවාගෙන ඇත.

සමස්ථයක් ලෙස අහමදාබාද් තණතීරු පන්දුව හොඳින් ඉපිලෙන්නේය.   ඉතිහාසය අනුව මෙම තණතිරු  වැඩි වාසි ගෙනාවේ පන්දු යවන්නටය. දඟ පන්දු යවන්නනට වඩා වේග පන්දු යවන්නන් කඩුළු ලබාගෙන ඇතත් දඟ පන්දු යවන්නන් විෂයෙහි ලකුණු ලබා දීමේ සාමාන්‍ය වී ඇත්තේ ඕවරයට ලකුණු 4.89කි.

මෙම ක්‍රීඩාංගනයේ මේ වනවිට අන්තර්ජාතික තරග 32ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 17ක් ජයග්‍රහණය කර ඇත්තේ මුලින්ම පන්දුවට පහර දුන් කණ්ඩායම්ය. මුලින් පන්දු යැවූ කණ්ඩායම්  තරග 15ක්  ජයග්‍රහණය කර ඇත.

මෙම සමස්ථ තරග  සලකා බැලූ විට දී මුල් ඉනිමේ ලබා ගත් ලකුණුවල සාමාන්‍යය ලකුණු 237කි. දෙවැනි ඉනිමේ ලබා ගත් ලකුණු සාමාන්‍යය ලකුණු 208කි.

ඉන්දියාව ලකුනු 240ක් ලබාගෙන තිබේ. මෙම ක්‍රීඩාංනයේ ස්වරූපයට  අනුව  එය සාපේක්ෂව හොඳ ලකුණු ගණනකි.  මේ තරගාවලියේ ඉහළම කඩුළු ලාභී මොහොමඩ් ෂාමි ඉන්දියානු පිලේය. ජස්පිට් බුම්රා මේ තරගාවලියේ තීරණාත්මක වෙනසක් කළ පන්දු යවන්නෙකි. කුල්දීප් යාදේව් සහ රවීන්ද්‍ර ජඩේජා දඟ පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන්ට මහා ව්‍යසනයක් කළ පන්දු යවන්නන්ය.

මේ පන්දු යවන්නන්ට විදුලි ආලෝකය යටතේ පන්දුවට පහර දීම පහසු නැත. එහෙත් පින්න සහිත ශීත කාලගුණ තත්ත්වයන් පන්දු යවන්නට බලපෑම් ඇති කරනු ඇත.  ඔස්ට්‍රේලියාව සතු දැවැන්ත පිතිකරණ බලඇණිය සහ අත් නොහරින සටන්කාමීත්වය මේ තරගය  අවසන් ලෝක කුසලාන තරගයකට උචිත උණුසුම ඇති කරනු ඇතැයි ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අය – වැය විවේචනය කරද්දි සමහර අයට හොඳටම රිදිලා – නාමල් කියයි!

Next Post

ක්‍රිකට් පරාජයේ සැබෑ කුමන්ත්‍රණකරුවන්  කවුදැයි හෙළි කරන ප්‍රමෝද්‍යගේ ඊ මේල් පණිවිඩයක් ලීක් වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.