අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සමග තබන පියවර අටක් ගැන මොරගොඩ හෙළි කරයි

by Lanka Sara Editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේවන විට ශ්‍රීලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මූලික අංශ අටක් යටතේ ඉන්දියාව සමඟ කටයුතු කිරීමට පියවරගෙන ඇති බව ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අනාවරණය කර ඇත.

ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිමස් පුවත්පතට පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මොරගොඩ මහතා මේ බව ප්‍රකාශ තිබේ.

ඒ අනුව ආණ්ඩුව විසින් බලශක්ති, පිරිපහදු, විදුලි බල ජාල, වරාය, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ දේපල වෙළඳාම යන ක්ෂේත්‍ර පදනම් කරගෙන ඉන්දියාව සමඟ කටයුතු කිරීමට බලාපොරෙත්තු වන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

“ඉන්දියාව කලාපයේ විශාලතම ආර්ථිකය වන අතර ශ්‍රී ලංකාවත් දිනෙන් දින වර්ධනය වන ඉන්දීය ආර්ථිකයෙන් යම් යම් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේකෂා කරනවා. ඉන්දියානු ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාව හොඳ උල්පතක් විය හැකිය. ඒ අනුව අපගේ අදහස වන්නේ දෙරටටම වාසිදායක වෙන ආකාරය දෙරටෙ ආර්ථික එකිනෙකට සම්බන්ධ කිරීමයි.”
ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය අදාල ව්‍යාපෘතිය මෙම ඉදිරි වැඩපිලිවෙලේ ආරම්භය බවත් එමගින් ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇති බවද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේවන වන විටත් ශ්‍රී ලංකාවට තවත් තෙල් පිරිපහදුවක අවශ්‍යතාවක් දැඩිව නිර්මාණය වී ඇති අතර ඊට ඉන්දියාවේ මැදිහත්වීම වැදගත් වන බවද මහකොමසාරිස්වරයා සිහිපත්කර ඇත.
මේ අතර දෙරට අතර විදුලි රැහන් පද්ධතියක් ඉදිකිරීමක් සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්වරයා අදහස් පළකර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවේ අනෙකුත් අස්වැසි රාජ්‍යන්ටද ප්‍රතිලාභ අත්විය හැකි බවද ඔහු ප්‍රකාශකර තිබේ.

මෙරට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අදහස් දකවමින් මොරගොඩ මහතා ප්‍රකාශ ඇත්තේ කොරෝනා වසංගතය පැවති සමයේදී ඉන්දීය සංචාරකයින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් වූ බවයි.
එමෙන්ම ඉන්දියාවේ ප්‍රබල හෝටල් ජාලයක් වන අයි සී ටී හෝටල් ජාලය කොළඹ ඉදිකිරීමට නියමිත අති සුඛෝපභෝගී හෝටලය සම්බන්ධයෙන් ඔහු සිහිපත් කර ඇති අතර ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඕනෑම මට්ටමක සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවද ප්‍රකාශ කර ඇත.

මහ කොමසාරිස්වරයා සිය සම්මුඛ සාකච්ඡාවේදී තොරතුර තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති අතර දෙරට අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධතා වර්ධනය කරගැනීමටත් අපෙක්ෂා කරන බවට සඳහන් කර තිබේ.

මේ අතර ඉකොනොමික්ස් ටයිමස් පුවත්පත් විසින් තමන්ට දැකගැනීමට අවස්ථාව හිමිවූ ලිපි ගොනුවකට අනුව ශ්‍රී ලංකාව තුල මේවන විට මහා පරිමානයෙන් සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවන්ටත් අයෝජන වලට ඉන්දියාවට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට කෙරෙන අපනයන වැඩි කිරීම සම්බන්ධනේ සහ ඉන්දියාව තුල ශ්‍රී ලංකා වෙළෙඳ පොළ වර්ධනය කිරීම සහ ඇඟළුම් ක්ෂේත්‍රයට අදාල හවුල්කාරිත්ව වර්ධනය අවදානය යොමුව ඇත.

එම පුවත්පත පෙන්වා දෙන අකාරයට අදාල ලිපි ගොනුවට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දියන් සාගරයේ ආරක්ෂාව වර්ධනයට ද්වීපාර්ශවීය හමුදා පුහුණවීම් සහ හමුදාමය හුවමාරුකරගැනීම් කරගැනීමට අදාලවලද කරුණු ඇතුලත්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රීනී ගීතා ඇවන්ගාර්ඩ් සභාපතිගෙන් කළ  ඉල්ලීම … ජනපති හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න!  

Next Post

ඉතාලි කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.