කීර්ති ප්‍රනාන්දු –
මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටිය දී හදිසියේ මරණයට පත් වූ විශාරද නීලා වික්‍රමසිංහ ගේ දේහය අද රාත්‍රි 8.05ට කටුනායක ගුවන්තොටුපලින් ලංකාවට රැගෙන ආවේය.
තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට මාලදිවයින ඔස්සේ පැමිණි තුර්කි ගුවන්සේවයේ TK 730 ගුවන් යානයෙන් ඇයගේ දේහය ගෙනැවිත් තිබිණි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි මස 17 වනදා විශාරද නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වූවාය.