දකුණු ආසියානු කළාපයේ මුල්‍ය කටයුතු වලට අදාල තාක්ෂණිය භාවිතය ඉහළමින්ම පවතින රට බවට පත්වීමට ඉන්දියාවට හැකියාව ලැබී තිබේ.
ලොව මූල්‍ය තාක්ෂණය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් අධ්‍යනය කිරීම් කරනු ලබන සහ ඒ පිළිබඳ වර්තා සකස්කරනු ලබන රෝබා කෑෂ් විසින් පළකරන ලද නවතම වාර්තවක් මගින් ඉන්දියාව කළාපීය වශයෙන් අත්පත් කරගෙන ඇති නවතම වර්ධනය අනාවරණය වී ඇත.
අංශ කිීපයක් ඉන්දියාව මෙහිදී ඉදිරියට පත්ව ඇති අතර එහිදී වර්ෂ 2000 සිට වර්ෂ 2022 දක්වා වූ කාලයේදී ඉන්දියාව මෙම තාක්ෂණි භාවිතය ඔස්සේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලයන 25කට අධික මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති බවටද අනාවරණය වේ. එම මුදල මුළු දකුණු ආසියානු කළාපම ඉපයූ මුලු ආදායමෙන් සියයට හතලිස් අටක් වීමට විශේෂත්වයකි.
මෙහිදී නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මූල්‍ය කටයුතු කිරීමට ඉන්දියාව ඉතා සුවිශේෂී ප්‍රවේශයක් ගෙන ඇති අතර එහිදී ඩිජිටල් මූලය ක්‍රමවේද යොදා ගැනීමට ඉන්දියාව සාර්ථකව සිදුකර ඇත. මෙම වැඩසහන් යටතේදී ඉන්දියාව ඩිජිටල් මුදල් පසුම්බි හදුන්වා දීමටත් එමගින් ඉතා සුරක්ෂිතව මූල්‍ය කටයුතු කිරීමට ජනතාවට අවකාශය සලසාදීමට හැකිවීමද ඉතාම සුවිශේසී ප්‍රගතියක් බවද රෝබෝකෑස් පෙන්වා දෙයි.