දිනසේන රතුගමගේ –
කන්කසන්තුරේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ යාල්රාණී දුම්රියට අද (20) කිළිනොච්චියේදී හා වවුනියාවේදී වාහන තුනක් ගැටීම නිසා පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
කිළිනොච්චියේදී යාල් රාණී දුම් රියට ලංගම බස් රථයක් හා වැන් රථයක් එකම ස්ථානයේදී ගැටී ඇති අතර වෑන් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
වවුනියාවේ ඕමන්ත පොලිසිය අසලදී එම දුම්රියටම මෝටර් රථයක් වැදී ඇති අතර ඉන් මෝටර් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබේ.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයක් සිදු නොවන බව සිතා වාහන පදවන රියදුරන් දුම්රිය හරස් මාර්ග වලදී එතරම් සැලකිල්ලක් නොදැක්වීම මෙම නතුරු වලට හේතුව වී තිබේ.
නමුත් කන්කසන්තුරය හා වවුනියාව අතර යාල්රාණී දුම්රිය හා දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන දුම්රිය නිතර නිතර ධාවනය වන බවක් රියදුරන් නොසිතයි.
යාල්රාණී දුම්රියට වාහන තුනක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය හා වවුනියාව ඕමන්ත පොලීසිය පරීක්ක්ෂණ පවත්වා ගෙන යයි.







