අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව පරදියි… ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 06ක විශිෂ්ට ජයක්…

by editor
සැප්තැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩාවේ තිබිය හැකි උපරිම චමත්කාරය වින්දෙමු.  ආසියානු කුසලාන සුපරි වටයේ  තුන්වන තරයේ දී ඉන්දියාව පරදා   විශිෂ්ඨ ජයග්‍රහණයක් අද (06) ඩුබායි හි දී ශ්‍රී ලංකා කණ්ඩායම අත්කරගත්තේය.

එක් පන්දුවක් ඉතිරිව තිබිය දි කඩුලු 6ක ජයග්‍රහණයක් අත්කර ගැනුණි. එය දෙපසට දෝලනය වු තරගයකි.

ශ්‍රී ලංකාව පිටියට පිවිසියේ ඉන්දියානු කණ්ඩායම ලබා දුන් ලකුණු 174ක ඉලක්කය හඹා යන්නටය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුනු විරාට් කෝලි පන්දු 41ක් තුළ ලකුණු 72ක් ලැබුවේය. ඊට හතරේ පහර 05ක් සහ හයේ පහර 4ක්   සූර්ය කුමාර් යාදේව් පන්දු 29ක දී ලකුණු 34ක් ලැබීය. අනෙක් ඉන්දීය පිතිකරුවන් පිතිකරණයෙන් සාර්ථක වූයේ නැත.

විරාට් කෝලි දැවී ගිය අයුරු…

විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු නවක ශ්‍රී ලංකා වේග පන්දු යවන්නාවූ  දිල්ෂාන් මධුසංඛ ලකුණු  24කට කඩුළු 03ක් දවා ගත්තේය. විරාට් කෝලි ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී දැවී ගියේය. චාමික කරුණාරත්න ලකුණු 29කට කඩුළු 02ක් ලැබීය. දසුන් ශානක ලකුණු 26ට කඩුලු 02ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 174 ඉලක්කය හඹා යන්නට පිටියට පැමිණි  ආරම්භක පිතිකරුවන් වූ  කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට පිතිකරණයක යෙදුනහ. කුසල් පන්දු 37ක දී ලකුනු 57ක් රැස් කළේය.  ඊට හතරේ පහර 04ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැතුම් නිශ්ශංක පන්දු 37ක දී ලකුණු 52ක් ලැබුවේය. ඒ හතරේ පහර 04ක් හා හයේ පහර 02ක් සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුනේ ලකුණු 97ක් තිබිය දී ය. පැතුම් නිශ්ශංක11 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී යුස්වේන්ද්‍ර චහාල්ට ගේ පන්දුවකට බැක්වර්ඩ් පොයින්ට් හි පන්දු රැකි රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

එතැන් සිට ඉන්දීය ක්‍රීඩකයෝ තියුණු ලෙස තරගයට අවතීරීන වූහ. ඔවුන් අතින් ගිලිහී ගිය බව හැඟුණු තරගය යළි තියුණු ලෙස තම ග්‍රහණයට ගැනීමට ඔවුුහු සමත් වූහ.  යලිත් චරිත් අසලංක අසමත් විය.   චරිත් අසලංක ලකුණු  නොලබා දැවී ගියේය. ඔහුගේ කඩුල්ලත් දවා ගත්තේ චහාල්ය. ලකුණු 97ට කඩුළු 02ක් සටහන් විය.

ඉන් අනතුරුව පිටියට පැමිණි ධනුෂ්ක ගුණතිලක ලබා ගත්තේ එක් ලකුණකි. ඒ 13 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී .  රවිචන්ද්‍ර අශ්වින් ඉදිරියේ එල්.කේ රාහුල්ට උඩපන්දුවක් ලබා දී  ඔහු එක් ලකුණකට දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 110කි.

ඒ සමගම  ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ සුබ ලකුණු පෙන්නූ කුසල් මෙන්ඩිස් සිව්වන  කඩුල්ල ලෙස දැවී යළිත් චහාල්ට ගොදුරු විය. දැන් ලකුණු 110ට කඩුළු 04කි.  පන්දු 18ක් තුළ ලකුණු 13කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 04ක් බිඳ වැටිනි.

පෙනුනේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම අතේ බවය. තවත් කඩුල්ලක හෝ දෙකක දුරින් ඔවුන්ගේ ජයග්‍රහණය තිබුණු බව පෙනුනි.

එහෙත් නායක දසුන් ශානක පීඩනය තමන් වෙත ගත්තේය. ඔහුට භානුක රාජපක්ෂ එක් විය. භානුක සහ ශානක ලකුණු 64ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

දසුන් පන්දු 18ක් තුළ ලකුණු 33ක් රැස් කළේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 04ක් ඇතුළත් විය. භානුක පන්දු 17ක් තුළ ලකුණු 25ක් රැස් කළේය. ඊට හයේ පහර දෙකක් ඇතුළත් විය.

තරගයේ වීරයා දසුන් ශානක ය.

ශ්‍රී ලංකාව සුපිරි වටයේ  අපරාජිතව පසුවේ. ඉන්දියාව මුහුණ දුන් තරගත දෙකම පරාජයට පත් වී ඇත. ඉන්දියානු කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට පැමිණීමේ අවදානමකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක්…

Next Post

පුතුන් රජුන් කරන්න යන දේශපාලන දෙමාල්ලන්ට බංග්ලාදේශ අගමැතිනියගෙන් පාඩමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.