ආසියානු කුසලාන සුපිරි වටයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ඉන්දීය ඉනිම අවසන් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වී තිබේ. අවසන් පන්දුවේ දී රවිචන්ද්‍ර අස්වින් ලබා දුන් උඩපන්දුව වනිඳු හසරංග අතින් ගිලිහී නොයන්නට තවත් ලකුණු 02කින් ඉලක්කය අඩු වීමට තිබිණි.
විශිෂ්ට පිතිකරණයක යෙදුනු රෝහිත් ෂර්මා පන්දු 41ක් තුළ ලකුණු 72ක් ලැබුවේය. ඊට හතරේ පහර 05ක් සහ හයේ පහර 4ක් සූර්ය කුමාර් යාදේව් පන්දු 29ක දී ලකුණු 34ක් ලැබීය. අනෙක් ඉන්දීය පිතිකරුවන් පිතිකරණයෙන් සාර්ථක වූයේ නැත.
විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු දිල්ෂාන් මධුසංඛ ලකුණු 24කට කඩුළු 03ක් දවා ගත්තේය. විරාට් කෝලි ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී දැවී ගියේය. චාමික කරුණාරත්න ලකුණු 29කට කඩුළු 02ක් ලැබීය. දසුන් ශානක ලකුණු 26ට කඩුලු 02ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුල්ලක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු සහගතව ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසී සිටී.