ඉන්දියව විසින් සිය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් තාක්ෂණික ස්වාධිනත්වය අත්කර ගැනීමටත් විශේෂ වැඩපිලිවෙලක් දියත් කර ඇත.
ඒ අනුව ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 10ක මුදලක් එරට නව ඩිජිටල් තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය දිරිමත් කිරීමට වෙන් කිරීමට තීරණය කර තිබේ.
ඉන්දියාවේ මෙම තීරණයක් සමඟ මෙත් ඇමරිකානු එක්සත් ජනපදය මත තාක්ෂණික මෙවලම් සහ උපකරණ මත යැපීමට සිදුවීම අවම කිරීමට හැකියාව ලැබෙනු ඇති බවටද අපෙක්ෂා කරයි.
මෙම තීරණයත් සමඟ ඉන්දියාව ඇමරිකාවෙන් වෙන්ව රුසියාව දෙසට යොමුවීමේ ඇතිවීය හැකි ප්රතිවපාක මඟහරවා ගැනීමට මෙමගින් හැකිවෙනු ඇති බවටද වර්තාවේ.
ඉන්දියාව සහ රුසියාව අතර දිගු මිත්‍රත්වයක් පවතින අතර එහිදී ඉන්දියාව අවශ්‍ය යුධ සහය රුසියාව විසින් නිරන්තයෙන් ලබා දීමට පියවරගෙන තිබිණි. කෙසේ වෙතත් ඉන්දියාවට සිය පරිගණක චිප් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ ඉදිරිය ආරක්ෂා කිරීමට නම් ඇමරිකා එක්සත් ජනපද සමඟ සමීපව කටයුතු කිරීමට සිදුව ඇත.







