මෙවර ජී20 රටවල් වල සභාපතිධූරය ලබා සිටින ඉන්දියාව එළැඹෙන 24 වැනිදා සමාජික රටවල් වල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී හමුවක් පැවැත්වීමට සැලසුම්කර ඇත. මෙම හමුව ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිත අතර එහිදී සමාජික එරවල් වලට අවශ්‍යකරනු ලබන කරුණු රුසක් සාකච්ඡා කිරීමට නියමිත බවටද වාර්තාවේ.
මෙම රැස්වීමෙන් අනතුරුව ඉන්දීය අගනුවර ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය. අදාල හමුව ඉතා උත්සවාකාරයෙන් පැවැත්වීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර එහිදී අදාල රටවලට වැදගත් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කිරීමටද අපේකෂිත බව ඉන්දීය මාධය වාර්තා සඳහන් කරයි.
මේ අතර ඉන්දියාව විසින් මෙම වසරේදී ජී 20 සමුළුවට අදාල උත්සව සහ සුවිශේෂි හමු මාලාවක්ම පැවැත්වීමට තීරණය කර ඇති අතර එහිදී සමුළු සහ රැස්වීම 22 ක් ඉන්දියාවේ නගර 19ක පැවැත්වීමට නියමිත බවටද ඉන්දීය රජයේ ආරංචි මර්ග සඳහන් කරයි.
අදාල හමුවන් සියල්ලේදීම සාමාජික රටවල් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති අතර එහිදී ඉදිරියේදී ඇතිවි හැකි අභියෝග වලට අදාල කාරණාද සාකච්ඡා කිරීමට නියිමිත බවට අනාවරණය වේ.
මේවන විට ජී20 රටවල් වල සභාපතිත්වය ඉන්දියාව විසින් දරන අතර එම රටවල් වල ගෝලීය නිෂ්පාදනයෙන් සියයට 20ක් නියෝජනය වන අතර ගෝලීය ජනගහනයෙන් තුනෙන් දෙකක් නියොජනය කරන අතර එමගින් ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කළ හැකිය.







