ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 25 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර අවට ප්‍රදේශවලට අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.
දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර ඇති අධිකරණ ආඥාවේ සඳහන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේය.
මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.
එම නිවේදනය පහත දැක්වේ.