ගෝලීය ආර්ථික ප්‍රස්ථාරවල, ඉන්දියාව සැලකිය යුතු වේගයකින් වර්ධනය වෙමින් තිබෙන අතර චීනයටත් වඩා ඉහළ වර්ධනයක් හිමි කර ගනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 2026 – 27 කාලයේ සිට 2029- 30 කාලය වන විට ඉන්දියාව ඩොලර් ට්‍රිලියන 4 සිට ඩොලර් ට්‍රිලියන 5 දක්වා ආර්ථිකය වැඩි දියුණු කර ගනිමින් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වෙනු ඇත.
ගෙවුණු වසර තුනක කාලය තුළ, කොවිඩ් වසංගතය, භූ දේශපාලනික ගැටළු, වේගවත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම්, බැංකු ගැටළු වැනි ආර්ථික ගැටළු රැසකට මුහුණ දෙමින් තිබියදීත් ඉන්දියාව ආර්ථික ප්‍රස්ථාරවල ඉහලින්ම රැඳී සිටිමින්, ආර්ථික නැංමක් පෙන්වූ බව ‘ඒෂියන් ලයිට්’ වාර්තා කරයි.
2008 – 09 කාලයේ ලේමන් අර්බුදයෙන් හා 2020-21 කාලයේ කොවිඩ් වෛරස අර්බුදයෙන් පසුව ඉන්දියාවේ 21 වන සියවසේ වර්ධන වේගය වඩාත් ශක්තිමත් වී තිබේ. ඉන්දියානු ආර්ථිකය මන්දගාමී සිට ස්ථාවර සහ පසුව වේගවත්වම මට්ටමකට පැමිණ මේ වන විට එම වේගයෙන්ම ඉදිරියට ගමන් කරමින් තිබෙන බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ඉන්දියාවේ ජනතාව පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි කීර්තිමත් සංවිධාන විසින් ඉන්දියාව ගෝලීය පරිසර පද්ධතියේ දීප්තිමත් ස්ථානයක් බව පවසමින් ඉන්දියාවේ ශක්තීන් පිළිබඳ වැඩි අපේක්ෂාවන් ගොඩනඟා ඇත.