අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව අපරාජිත ගමනක…  අප තවමත්   ටීම් එක හදාගන්න බැරිව  හතරවරං කෙළිද්දී  ලෝකයේ උන් ක්‍රිකට් ගහන හැටි….

by editor
ඔක්තෝබර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එය අවසන් මහා තරගය තරම්ම උද්වේගකර තරගයක්ව පැවතිනි. නවසීලන්ත සහ ඉන්දියාව අතර ධරම්ශාලාහි අද (22) පැවතියේ අපරාජිත කණ්ඩායම් දෙකක් අතර වූ අභිමානවත් ගැටුමකි. නවසීලන්ත කණ්ඩායම තරගය හතරක් ක්‍රීඩා කර හතරම ජයග්‍රහණය කර ලකුණු සටහනේ පළමුව සිටියේය.  ඉන්දියාව ද තරගය හතරක් ක්‍රීඩා කර හතරම ජය ගෙන ලකුණු සහටහනේ නවසීලන්තයට දෙවැනි විය.

පළමු වැන්නා හා දෙවැන්නා අතර පැවති තරගය අවසන් වන්නේ  දැනට පැවැත්වෙන ලෝක කුසලානයේ තෙක් දිවෙනා ධාවන පථයේ ප්‍රමුඛ ධාවකයා තමන් බවට සනාථ කරමින් අපරාජිත ඉන්දියාව නවසීලන්තයත් කඩුළු 04කින් පරාජය කරමිනි.

ලකුණු 274ක තියුණු ජයග්‍රහණයක් හඹා යාමට නියමිතව සිටි ඉන්දියාව පන්දුවාර 2ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළේය.

මේ ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව ලැබූ අඛණ්ඩ පස් වැනි ජයග්‍රහණය ය.  මේ වනවිට  කණ්ඩායම් දහයකින් සමන්විත ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන අපරාජිත ඉන්දියාව ය.

නවසීලන්ත ඉනිම

කාසියේ වාසිය දිනුවේ  රෝහිත් ෂර්මාය. ඔහු පන්දු රැකීම තේරුවේය.  ඉන්දියාව පළමු ඕවර 10 තුළ නවසීලන්තය ලකුණු ලබා ගැනීමට දැඩි පීඩනයක් එල්ල කළේ  ඉන්දියාව  ගත් තීන්දුව නිවැරදි බව පෙන්වමිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රචින් රවීන්ද්‍ර සහ ඩැරල්  මිචෙල්

නමුත්  රවීන්ද්‍ර සහ මිචෙල් ගේ පිතිකරණය  ධර්මශාලා සිසිල් පරිසරයේ උණුසුම ඉන්දියාවට දැනෙව්වේය. හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම සහ ෂර්දුල් තාකූර් ඉවත් කිරීම හේතුවෙන් හයවැනි පන්දු යවන්නෙකු  ඉන්දියාවට සිටියේ නැත. පිතිකරුවන් දඟපන්දු යවන්නන් වන කුල්දීප් යාදව් සහ රවීන්ද්‍ර ජඩේජා දැඩි ප්‍රහාරයකට ලක් කළේය. මෙතෙක් ඉන්දියාවේ ප්‍රබලම තුරුම්පුව වූ  කුල්දීප් සිය පළමු ඕවර තුනේදී ලකුණු 32ක් ලබා දුන්නේය.

එය පළමු ඕවර 10 ගිය ආකාරයට වඩා හාත්පසින්ම වෙනස්වූ  රිද්මයක් විය.  පළමු ඕවර 10 තුළ ඉන්දීය ක්‍රීඩකයන් නවසීලන්තයට  නිර්දය තර්ජනයක් එල්ල කළේය.  මොහොමඩ් ෂාමි   තරගයේ  සිය  පළමු පන්දුවෙන්ම විල් යන්ග් දවා ගැනීමට සමත් විය.

ජඩේජාගේ ඕවර 10ක් යැව්වේය. ලකුණු 48කි. කඩුළු නැත. කුල්දීප් යාදේව් යැවූ පන්දු ඕවර 10ට ලකුණු 74ක ප්‍රහාරයක් එල්ල විය. ඔහු කඩුළු 02ක් ලබා ගත්තේය.

නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී යන්නේ  මුළු ලකුණු සංඛ්‍යාව 19ක් වී තිබිය දීය. අනතුරුව පිටියට එන රචින් රවීන්ද්‍ර සහ ඩැරල්  මිචෙල් අතර සබඳතාව අවසානයේ ලකුණු 150 ඉක්මවා ගියේය.     අවසානයේ 34 වැනි ඕවරයේදී ඉන්දීය පිලේ හිසරදය වූ සම්බන්ධතාවය බිඳ වැටුනේය.  ඒ පන්දු 87කදී ලකුණු 75කට රචින් රවීන්ද්‍ර දැවී යෑමත් සමඟය. රචින් රවින්ද්‍ර දැවී යන්නේ තුන්වන කඩුල්ල ලෙසය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 178කි. අනතුරුව ඉතිරි කඩුළු 07ම ලකුණු  95ක් තුළ දවා ගන්නට ඉන්දියාව සමත් වන්නේය

ශතකය වාර්තා කළ මිෂෙල්…

නමුත් ඩැරිල්  මිචෙල්  තරගය පුරා සිටියේය.   අවසානයේ ඔහු සිය පස්වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඔහු මිනිත්තු 192ක් කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 09ක් සහ හයේ පහර 05ක් සමගින් ලකුණු 130ක් රැස් කළේය.   ඒ පන්දු 127ක් තුළය.

මොහොමඩ් ෂාමී ගේ පන්දුවකට කෝලි විසින් රැකගත් උඩපන්දුවෙන් මිෂෙල්ගේ ඉනිම නිමා වන්නේ  09 වැනි කඩුල්ල ලෙසය.  ලකුණු 300 ඉක්මවනු ඇතැයි සිතූ නවසීලන්ත ඉනිමට අනෙක් කිසිම පිතිකරුවෙකුගෙන් සාධාරණය ඉටු වූයේ නැත.   නවසීලන්තයට අවසන් ඕවර 10 තුළදී ලබාගත හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 54ක් පමණි. නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 273කි.

ලෝක කුසලානයේ සිය පළමු තරගයේදීම කඩුලු 5ක් දවාගනිමින් අවසන් ඕවර 10දී ඉන්දියාව ගොඩගැනීමට මෙහොමඩ් ෂාමි  සමත් වූයේය.

කඩුළු 05ක් දවා ගත් මොහොමඩ් ෂාමි…

ඉන්දියාවේ උත්තරය

ඉන්දියාවට කදිම ආරම්භයක් ලැබිණි. රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල්  පිටිය සිසාරා එල්ල කරන හතරේ පහර රැසක් සමග   පළමු කඩුල්ලට ලකුණු 71ක සම්බන්ධයක් ගොඩනැගූහ.    ලොකී ෆර්ගියුසන් රෝහිත් ලකුණු 46කට (40) දවා ගත්තේය.   ඊට ටික වේලාවකට පසු ඔහු විසින්ම ශුබමන්  ගිල් ලකුණු 26 (31) ගොදුරු කර ගත්තේය.

මීදුමෙන් වැසුණු ධර්මමසාලා ක්‍රීඩාංගනය….

මීදුම සහ අඩු දෘශ්‍යතාව නිසා තරගයේ  16 වැනි ඕවරයේදී ධර්මසාලා පිටියේ  ලකුණු හඹා යාමට බාධා ඇති විය.  නමුත් කෙටි ප්‍රමාදයකින් පසුව ක්‍රියාව නැවත ආරම්භ විය.

ජයග්‍රහණයේ නියමුවා.

විරාට් කෝලි

විරාත් කෝලි ඉන්දීය ලකුණු හඹා යාමේ ප්‍රමුඛයා වූ නමුත් ඔහුට ලැබිය යුතු ශතකයක් අහිමි විය. කෝලි ලකුණු 95කට (104) දැවී ගියේ සිය 49 වැනි ශතකය ලබාගෙන සචින් තෙණ්ඩුකාර් සම කිරීම සඳහා වූ කළ යුතුම ප්‍රයත්නය  දැරූ අවස්ථාවේ දීය.  තරගය ජයග්‍රහණයට ලකුණු 06ක් අවශ්‍ය වූවා මෙන්ම කෝලිගේ ශතකයට ලකුණු 05ක් අවශ්‍ය විය. කෝලි උත්සාහ කළේ හයේ පහරකින් ජයග්‍රහණ දෙකම එක් වර අත් පත් කරගැනීමටය. එහෙත් කෝලි  ලකුණු 95කට දැවී යනවිට තරගය නවසීලන්තයෙන් මුළුමනින්ම ගිලිහී තිබිණි.

මේ තරගය ජයග්‍රහණය කරා ඉන්දියාව මෙහෙයවූ මහා පෞරුෂය වූයේ කෝලිය.  කෝලි සිය  ඉනිම අතරතුර කෝලි පනහට වැඩි සම්බන්ධතා තුනක් ගොඩනැගුවේය.   ඒ ශ්‍රෙයාස් අයියර් සමඟ 52, කේ.එල් රාහුල් සමඟ ලකුණු  54 සහ රවීන්ද්‍ර ජඩේජා සමඟ 78ක් ලෙසිනි.

පන්දු රකින්නා ලිස්සා යෑම නිසා එක් උඩපන්දු රැක ගැනීමේ අවස්ථාවක් ගිලිහී ගිය  ජඩේජා අනතුරුව මනා පිතිකරණයක යෙදුනේය. ඔහු  පන්දු 44කදී නොදැවී ලකුණු 39ක් රැස් කළේය.

අපි කොතන ද?

මේ ක්‍රිකට් බලනකොට අපට දෙයක් හිතෙන්නේය.

“දෙයියනේ… අපි ඉන්නේ කොතන ද?”

ඊයේ දකුණු අප්‍රිකාව එංගලන්තයට එල්ල කළ ප්‍රහාරය දකින විට අද නවසීලන්තය සහ ඉන්දියාව තරග කළ රිද්මය දකින් විට ගවස්කාර් කියූ ලෙසම අප ගහන්නේ වීදි ක්‍රිකට්ය.

තරගයක් දරා ගැනීමේ ශක්තිය නැත්නම් උන් හොඳ ක්‍රිකට් ගහන්නට නොව අඹ ඇට පනින්නටය. මේ වනවිට අපේ තවත් එකෙක් ආබාධයට ලක් වීය. අලුතින්ම ආබාධිත වන්නේ මහීෂ් තීක්ෂණය. දසුන් ශානක ආබාධයක් බව කියා කණ්ඩායමෙන් සති තුනකට ඉවත් කර කුසල් මෙන්ඩිස් නායකයා කර මේ වනවිට ලෙඩ වාට්ටුවක් වී සිටින ඈන්ජලෝ මැතිව්ස් සහ ලෙඩ වී හොඳ වූ දුෂ්මන්ත චමීර සංචිතයට නම් කර ඇත්තේය. මේ වනවිට මුන් දෙන්නා කණ්ඩායමට ඔබා ගන්නට හැකි ගේමක් ගහන තේරුම් කමිටුව අපට පෙනෙන්නේය. අනික් රටවල් ලෝක කුසලානයක් සඳහා ක්‍රිඩා කරන විට අප තවම කණ්ඩායම හදා ගන්නට බැරිව හතරවරං කෙළින්නේය.

රටේ ක්‍රිකට් ගැන අමතක කර ලෝකයේ උන් ක්‍රිකට් ගහන දිහා බලාගෙන සතුටුවනවා ඇරෙන්නට වෙන කිසිම දෙයක් නැති බව පෙනෙන්නේය. තියන හොඳම විකල්පය ඊට හුරු වීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොනවද බං මානව හිමිකම්?… පසුගිය පැය 24 තුළ පමණක් ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරවලින් දරුවන් 117ක් ඇතුළු 266ක් සිවිල් වැසියන් මිය ගිහින්….

Next Post

තූත්තුකුඩිය – කන්කසන්තුරේ සහ කන්කසන්තුරේ – කොළඹ නැව් සේවා දෙකක් අරඹන්න ඉන්දියාව  සමග අවබෝධතා ගිවිසුම්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.