ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන්තොටුපළේ දී පසුගිය දා අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අයි.එස්. අයි.එස්. ත්‍රස්තවාදීන් සම්බන්ධ වැඩි දුර විමර්ශනයක් සඳහා ගුජරාට් ත්‍රස්ත මර්ධන ඒකකයේ නිලධාරීන් කණඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමත්, තුන්වන සැකකරුවන ඔස්මන් ජෙරාඩ් නැමැති පුද්ගලයා තවමත් නිදැල්ලේ පසුවීමත් පදනම් කරගෙන මෙම ඉන්දීය නිලධාරීන් ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි එම මාධ්‍ය වාර්තා පවසයි.
එම වාර්තා පවසන්නේ මෙම පුද්ගලයින් සිවු දෙනා අබු පක්ස්තානී නැමැති ඉස්ලාමීය දේශකයෙකුගේ දේශන දින 42ක් පුරා අසා ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය විනාශය කිරීම සඳහා පකිස්ථාන දේශ සීමා හරහා ඩ්‍රෝන යානාවකින් ආයුධ ලබා දී ඇති බවත් ඉන්දීය මාධ්‍ය හෙළි කරයි.









