සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවත් උතුරත් යා කරන පාළම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක්… මල්වතු මහා නා හිමියෝ ඉන්දීය මහ කොමසාරිස්ට කියති!

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ උතුර යාකරමින් ඉදි කිරීමට සැළසුම් කර තිබෙන පාලම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීමේ අවධානමක් සහිත නොවන්නේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ගෙන් ප්‍රශ්න කර සිටියේය.

උන්වහන්සේ මේ බව විමසා සිටියේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (20) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ගිය අස්ථාවේ දී ය.

එම අවස්ථාවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා කතා කරමින් ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසෙත සඳහා ඉන්දීය රජය කිසිදු ආකාරයක භේදයකින් තොරව දිස්ත්‍රික් 25 තුළම විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන බවත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැඩිමහල් සොහොයුරා ලෙස නොව නිවුන් සහෝදරයා ලෙස තමන් සලකන බවත් ප්‍රකාශ කරමින් මහ කොමසාරිස්වරයා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාව සහ උතුර යා කරමින් තනන පාලම ගැන මහා නායක හිමියන් දැනුම්වත් කළ අවස්ථාවේ දීය.

ඒ අවස්ථාවේ දී ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් මල්වතු මහා නා හිමියෝ මේ පාලමෙන් රටට සිදුවන ආරක්ෂක අනතුර ගැන විමසා සිටියහ.

එවිට ඉන්දිය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට මිස ආරක්ෂාවට මෙම පාලමෙන් ප්‍රශ්නයක් නොවන බවය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“මේ වනතුරුත් ප්‍රශ්නයක් ඇති නොවෙන්නනේ කටයුතු උනේ ?. නේද?.” මල්වතු මහා නායක හිමියෝ විමසා සිටියහ.
අනතුරුව පාලම් ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ඇතිවනු ඇති බව ඉන්දීය මහකොමසාරිස්වරයා මහා නායක හිමියන්ට පෙන්වා දී තිබිණි. විශේෂයෙන්ම දෙරට අතර භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගමනයක් මේ පාලමත් සමග ඇති වන බව මහකොමසාරිස්වරයා කියා සිටියේය.

ඉන්දියාවෙන් භාණ්ඩ ලංකාවට එවීම සිදුවිය හැකි දෙයක් නමුත් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව වෙත ප්‍රවාහනය කිරීමට හැකි දෙයක් සම්බන්ධව මේ අවස්ථාවේ සිහියට නොනැගෙන බව ඉන්දීය මහකොමසාරිස්වරයාට මල්වතු මහා නායක හිමියො පැවසූහ.
අනතුරුව මල්වතු මහා නායක හිමියන්ගෙන් සමුගත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි!

Next Post

වෛද්‍යවරු ජනාධිපති අපේක්ෂකයින් අමතා තමන්ට පමණක් විශේෂිත වැටුප් ක්‍රමයක් ඉල්ලති!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.