ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන්ට පමණක් විශේෂිත වූ වැටුප් ක්‍රමයක් සිය ප්‍රතිපත්ති මාලාවන්ට ඇතුළත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සියලුම ජනාධිපතා අපේක්ෂකයිගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.
කරුණු දොළහකින් යුතු යෝජනා මාලාවක් සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට ලබා දීමට කටයුතු කරමින් බවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (21) සවස එය ලබා දුන් බවත් සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.
රටහැර යන වෛද්‍යවරුන් රටතුළ රදවා ගැනීම සඳහා කොතෙක් දැනුවත් කළ ද එයට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් එය රෝගී සත්කාර සේවාවන්ට සෘජුවම බලපාන්නක් බවත් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ප්රතිලාභ ගෙන දෙන ආයෝජනයක් බැවින් මේ සම්බන්ධයෙන් වූ යෝජනාවන ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කළ යුතු බවත් හෙතෙම පවසා සිිටියි.
එසේම මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයගේ වැටුප මත පනවා තිබෙන බදු ප්‍රතිශතය අඩුකර ඒ වෙනුවට නව සංශෝධනයන් ඇතුළත් කරන්නැයිද බදු දැලට හසු නොවී සිටින ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන්නැයිද සංගමයේ යෝජනාවන් අතර පවතින බවද හෙතෙම පැවසුවේය.
වෛද්‍යවරුන්ගේ උසස්වීම් නිසි කාලයට නිසි ක්රමයේදයකට අනුව සිදුකිරිම් අවශ්‍ය යෝජනාවන් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරන්නැයි ද සංගමය ඉදිරිපත්කරන යෝජනා මාලාව තුළ අන්තර්ගතව ඇතැයිද වෛද්‍ය සුගතදාස පැවසුවේය.







