ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානී ගරු අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි, ගරු අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමා හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද අනුර කුමාර දිසානායක එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක් විය.








