දිනසේන රතුගමගේ –
යාපනයේ සිට ඉන්දියාවට බෝට්ටුවකින් පලායමින් සිටියදී නාවික හමුදා අත් අඩංගුවට පත් වූ දෙමළ වැසියන් 13 දෙනෙකු මැයි මස 12 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ 30 දා නියෝග කළේය.
ත්‍රිකුණාමළයේ පදිංචි පවුල් තුනකට අයත් පුද්ගලයින් 11 දෙනෙකු හා බෝට්ටුව පැදවූ කාර්මිකයින් දෙදෙනෙකු නාවික හමුදා අත් අඩංගුවට පත්වීමෙන් පසුව ඔවුන්ව යාපනයේ කන්කසන්තුරේ පොලීසිය වෙත බාර දී තිබුණි.
ඉන්දියාවට පලා යාමට උත්සාහ කළ පිරිස අතර වයස අවුරුදු 16 ට අඩු ළමයින් පස් දෙනෙකු සිටින අතර ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් ඇප මත නිදහස් කරණ බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
බෝට්ටුව රාජ සන්තක කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මේ 13 දෙනාම වහාම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරණ ලෙසද පොලීසියට නියෝග කළේය.
කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.