දියසේන රතුගමගේ –
ඉන්දියාවට අයත් යැයි සැලකෙන විශාල Barge වර්ගයේ යාත්‍රාවක් ශ්‍රී ලංකාවේ වෙරළ සීමාවට පැමිණ තිබෙද්දී නාවික හමුදා යාත්‍රාවක් මගින් නඩුකුඩා වෙරළ තීරයට ඇදගෙන පැමිණි බව තලෛමන්නාරම් පොලිසිය වාර්තා කරයි.
මෙම යාත්‍රාව නැව්වලට භාණ්ඩ පැටවීමට සඳහා භාවිතා කරන යාත්‍රාවක් බව නාවික නිලධාරිහු සඳහන් කරති.
ඉන්දීය සාගර කලාපයේ පැවති අධික සුළං තත්ත්වය මත අදාළ යාත්‍රාව මෙරට වෙරළ සීමාට පැමිණෙන්නට ඇති බව විශ්වාස කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම නාවික හමුදාව සමග එක්ව තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.