ඉන්දියාවේ උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කයේ දර්ශනීය භූ දර්ශනවල පිහිටා ඇති ෂාගුන්ඩ් නම් දුරස්ථ ගම්මානයේ කාන්තාවන් පිරිසක් විසින් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ ප්‍රවර්ධනය කිරීමට මූලිකත්වය ගෙන ඇත.
මෙම වැඩසටහනට සඳහා සාමාජිකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාත්මකය. එහිදී ඔවුන්ගේ මෙහෙවර වන්නේ කාශ්මීරයේ සෑම ගමකම සහ දුර බැහැර ප්‍රදේශයකම කාන්තාවන් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම යි.
එහිදී මෙම වැඩසටහනේ හිමිකාරිය වන රසියා සිය දැක්ම බෙදා ගනිමින් ප්‍රකාශ කර සිටියේ, ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සිය මූලික අභිප්‍රාය බවයි.
ගම්වල සහ දුෂ්කර ප්‍රදේශවල සිටින බොහෝ කාන්තාවන්ට සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුමක් නොමැති නිසා ඔවුන් විවිධ රෝගවලට හා සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වන බව රසියා පෙන්වා දුන්නාය.
“අපි ඔවුන්ට දැනුම ලබා දීමට සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට තීරණය කළා. අපේ ගම්මානය වන ෂාගුන්ඩ් හිදී, අපි කාන්තාවන්ට සනීපාරක්ෂක නිෂ්පාදන බෙදාහරිනවා. කෙසේ වෙතත්, අපගේ අවසාන ඉලක්කය වන්නේ කාශ්මීරයේ සෑම ගමකටම අපගේ ප්‍රවේශය ව්‍යාප්ත කිරීම සහ කාන්තාවන් අතර සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීමයි ,” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමේ වාසි මෙන්ම බොහෝ කාන්තාවන් සනීපාරක්ෂක තුවා නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව නොදන්නා බව සිය පර්යේෂණවලදී අනාවරණය කරගත් බව රසියා අවධාරණය කළාය. ඒ අනුව බහුතරයක් කාන්තාවන් සෞඛ්‍යට දැඩි ලෙස අහිතකර ඇදුම් හෝ රෙදි භාවිතා කිරීමට යොමුව ඇති බවද ඇය ප්‍රකාශ කළාය.