ඉදිරි දෙසතිය තුළ පාසල් පවත්වන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශය මඟින් අද (18) දිනය තුළ ගැනීමට නියමිත බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තීරණයට අදාල සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත අතර ඊට අමාත්‍යංශ ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
මේ වනවිට රට මුහුණ දී සිටින ඉන්ධන හිඟය පිළිබඳව බරපතල අර්බුදය හේතුවෙන් මෙලෙස පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් බාධාවක් එල්ල වී ඇති අතර මේ නිසා යළිත් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීමට අදාළ පියවර ගැනීම කෙරෙහි මෙන්ම දරුවන් ට පා ගමනින් යා හැකි ළඟම පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ අවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙ අතර පසුගියදා පැවැත් මහජන ගිණුම් පිළිබඳ පාර්මේන්තු කාරක සභාවේදීද පවතන ආර්ථික තත්තවය හේතුවෙන් කොවිඩ් වසංගතයටත් වඩා බරපතල බලපෑමක් අධ්‍යාපනයට සිදුව ඇති බව අනාවරණය වූ අතර ලබන දෙසැම්බරය දක්වා ළඟම පාසල හරහා දරුවන්ට අධ්‍යානය ලබා දීම පිළිබඳව ක්‍රමවේදයක් සකසමින් පවතින බව අධ්‍යාපන නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.