ඕමාන සමාගමකින් ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහාවන ගිවිසුමකට එළඹීම ලබන අඟහරුවාදා (21) වන විට අවසන් කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
මෙම ගිවිසුමට අමතරව ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් ගෑස් නෞකා 2 ක් මෙරටට ලබා දෙන ලෙස ද අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.
මේ වනවිට අදාළ සමාගම සමග මෙම ගිවිසුම සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡා කිහිපයක් පවත්වා අවසන් බව ද සභාපතිවරයා කියයි.
ඉදිරි මාස 4ක කාලය සඳහා කැබිනට් තීරණයකට අනුව මෙලෙස ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස් සිය වැඩ භාරගනිමින් මුලින්ම ප්‍රකාශ කළේ සති දෙකක් ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවත් ඉදිරි සැලසුම් සඳහා කිසිම ගෑස් ඇනවුමක් ලයිස්තුගත කර නැති බවත්ය. කෙසේ හෝ දින කීපයක් තුළ මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මැදිහත්වන බවත් සභාපතිවරයා පැවසුවේය.