අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගේනවා…

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 7,342කට ගුරු පත්වීම් දෙමින් ජනපති පවසයි...

by editor
ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය. ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි.

මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය.

මේ වන විට රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන නමුත්, නැවතත් මෙරට ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යාමට නම් අපනයන ආර්ථකය දියුණු කළ යුතු බවත් ඊට ගැළපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමවේදයේ ද වෙනස්කම් සිදුවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙසේද පැවසීය.

පළමුවෙන්ම අද පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. කොවිඩ් ව්‍යාප්තිය සහ රටේ ඇති වූ දේශපාලන තත්ත්වය නිසාත් වසර 02ක් වැඩිපුර තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔබට සිදු වුණා. ඔබට එම අධ්‍යාපනය ලබාදුන් පිඨාධිපතිවරුන් ඇතුළු ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළේ 1985 වසරේ මම අධ්‍යාපන අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදියි. මේ වන විට අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කර අවුරුදු 38ක් ගතව තිබෙනවා. මෙම අවුරුදු 38 තුළ විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. පරිගණක යම් ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒ සියල්ල නිෂ්පාදනය කරනු ලැබුවේ ඇමරිකාව සහ එංගලන්තය. අද එම සමාගම් බංකොළොත් වෙලා. අද මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ චීනය, නැත්නම් ඉන්දියාවයි. මේ රටවල් දෙකේ තමයි පරිගණක නිෂ්පාදන දැනුම තිබෙන්නේ. මෙලෙස විශාල වෙනසක් සිදුව තිබෙනවා. එහි නව දැනුම එකතු වී තිබෙනවා.
අපි අද සිටින්නේ 21 වන ශතවර්ෂයේයි. නමුත් තවමත් අපට තිබෙන්නේ 20 වන ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයයි. අපි රජයක් ලෙස කැපවී කටයුතු කරන්නේ 21 වන ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීමටයි.

ආර්ථික අර්බුදයකට මුහුණ දී අද අපි ඉන් ගොඩ එමින් සිටින අවස්ථාවක්. රට තුළ ආර්ථික ස්ථාවර බවක් ඇතිව තිබුණත් නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යනවා නම් වෙළෙඳ ශේෂය දියුණු කළ යුතුයි. ඒ වගේම අපනයනයෙන් මුදල් උපයා ගත යුතුයි. එසේනම් ඊට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අප ඇති කළයුතුයි.

රටේ ආර්ථිකය ගොඩගන්නවා වගේම රටේ අනාගතය වෙනුවෙන් අපනයන ආර්ථිකයකට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ද සකස් කළ යුතුයි. ආර්ථිකය ගොඩනැගීමේ දී අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. මෙම මානව සම්පත වර්ධනය කරන්නේ ගුරුවරුන් විසින්. ඒ නිසා ගුරු සම්පත ද අප දියුණු කළයුතුයි.

අධ්‍යාපනය වෙනුවෙන් අද අපි වෙනම අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීම මෙම කමිටුවට පැවරෙනවා. දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් ඒ පිළිබඳ අපට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන නවීකරණය පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එක් එක් අංශ නියෝජනය කරන කණ්ඩායමක් පත් කර තිබෙනවා.
මේ වාර්තා සියල්ල අගෝස්තු මාසය අවසන්වන විට අපට ලබාදෙන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. ඒ හරහා 21 වන ශතවර්ෂයට ගැළපෙන, අදට පමණක් නොවෙයි 2050ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.

08 වසර සමත් වූ නිසා හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් වූ නිසා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා හැම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය භාරගතයුතුව තිබෙනවා. එය ආණ්ඩුවක් ලෙස අපි භාරගෙන තිබෙනවා. එසේනම් ඊට ගැළපෙන ලෙස පාසල් අධ්‍යාපනය සකස් කළයුතුයි.

සංගීතයට, කලාවට දක්ෂතා දක්වන අය සිටිනවා නම් එම හැකියාවන් වර්ධනය කර ගැනිමට අප අවස්ථාව ලබාදිය යුතුයි. විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල එම අවස්ථාව තිබෙනවා. අපත් එවන් වැඩපිළිවෙළකට යා යුතුයි. උසස් පෙළ විෂයයන් පමණක් නොවෙයි, ජීවිතයට අවශ්‍ය විෂයයන් හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා.

වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද කියන ගැටළුව තිබෙනවා. ඇතැම් අය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැති බවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වන්නේ ලෝකයේ දියුණුම රට වන ඇමරිකාවයි. එහි සාමාන්‍ය පෙළ විභාගයකුත් නැහැ, උසස් පෙළ විභාගයකුත් නැහැ. අපට එය කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ . නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවද යන්න පිළිබඳව.

අපි වසර 13ක අධ්‍යාපනයක් ලබා දෙනවා නම් විභාගයත් ඒ අනුවම පැවැත්වීමේ යුතුකමක් අපට තිබෙනවා. දැන් විභාගවල දින මාරු වෙනවා. ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා විවිධ මාසවල උසස් පෙළ විභාගය පවත්වනවා. එසේනම් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නීතියෙන් නියම කළ යුතුයි. ඒ ආකාරයට විභාග නිසි වේලාවට පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් වෙනවා.

විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. අඩුම තරමින් වයස අවුරුදු 23දී විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතුයි. ඒ වගේම අද අලුත් විෂයයන් ගණනාවක් තිබෙනවා. අද අපිට ඉංග්‍රීසි භාෂාව ඉතා අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියලා කිසිවෙකුට හැඟවෙන්න බැහැ.

19 සහ 20 වන ශතවර්ෂයේ සිංහල ලේඛකයන්, සාහිත්‍යකරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණයවී සිටිනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ, ඊ.ආර්. සරත්චන්ද්‍ර මැතිතුමා, මාර්ටින් වික්‍රමසිංහ ශූරින් මේ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය වූ ලේඛකයන් වූවා.

ඒ නිසා සියලුදෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ එම වැඩසටහන අපි සකස් කළයුතුයි. ඒ සඳහා පළමුව ඉංග්‍රිසි ගුරුවරුන් ලබාදිය යුතුයි. ඉදිරි වසර 05 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි ඉන්පසුව ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන යා හැකියි. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවුණත් අපේ ලිපි ගොනු ගණනාවක් තවම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යනවා. අපි එතනට සීමා නොවිය යුතුයි. චීන භාෂාව, ජපන් භාෂාව, හින්දි, අරාබි මෙම භාෂා ඉගෙන ගැනීමට අපි අවස්ථාව සලසා තිබෙනවා.
ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් නවීකරණය කළයුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව වසර 03 ද 04 ද කියා තීරණය කළයුතුයි. එසේම මේ රජ්‍ය විශ්වවිද්‍යාල ද නවීකරණය කළ යුතුයි.

මේ වන විට වසරකට සිසුන් 40,000ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. ඒ වගේම පිරිසක් පිට රට යනවා. තවත් පිරිසක් උසස් අධ්‍යාපන ආයතනවල ඉන්නවා. ඒ නිසා රජ්‍ය විශ්වවිද්‍යාල, ජාතික විශ්වවිද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමටත් අපි අවකාශ සලසා දෙනවා.

එලෙස රජයට අයත් නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇති කරනවා නම් ඒ ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහන පොළියකට නැත්නම්, පොළී නැතිව ණය ලබාදීමට තීරණය කර තිබෙනවා.

අපේ රටේ විතරයි සිසුවෙකු කළයුතු විෂය ආණ්ඩුව තීරණය කරන්නේ. අනිත් හැම රටකම ශිෂ්‍යයන්ටත් අයිතියක් තිබෙනවා තමන් කැමති විෂය තෝරගන්න. ඒ ක්‍රමවේදය අප සකස් කළයුතුයි.

තවත් වසර 15 – 20කින් තිබෙන පංතිකාමරය මොකක්ද කියා අපි කිසිවෙකුටත් කිව නොහැකියි.. දැන් තිබෙන කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය සමග අපි ඉදිරියට යන්නේ කොහොමද කියා බැලිය යුතුයි. Chat GPT නිසා ඉදිරියේ දී ඉගැන්වීමේ ක්‍රම ද සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි සිටින්නේ විශාල පරිවර්තනය යුගයක. ඒ නිසා එම තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂය දැනුම්වත් නොකර කිසිම පිටස්තර රැස්වීමකට සහභාගී වීම තහනම්… බැසිල් පොහොට්ටු දිස්ත්‍රික් නායකයින්ට දන්වයි!

Next Post

මතුගම පැලවත්තේ දී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.