ඉදිරියේ දී දුම්රිය ධාවනය මුලුමනින්ම ඇණහිටීමේ අවදානමක් මතුවිය හැකි බව ම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ලංකාසරට පැවසීය.
ඔහු මේ බව පෙන්වා දුන්නේ නිරන්තර දුම්රිය පීලි පැනීම සහ දුම්රිය ප්‍රමාදය සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
ඔහු පෙන්වා දෙන්නේ මාර්ග නඩත්තුව, මැදිරි නඩත්තුව නිසි ආකාරයෙන් සිදුනොවන බවත් පවතින සම්පත් ප්‍රමාණය උපයෝගී කරගෙන මේ දුෂ්කර අවස්ථාවේ දී දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදාල කැප කිරිම කිරීමට කළමණාකාරිත්වය මෙන්ම සේවකයින් බහුතරයක් ද සූදානම් නැති බවත්ය.
“මාර්ග නඩත්තුවට සේවකයො හිඟයි. අමුද්‍රව්‍ය හිඟයි. ගැටලු ගණනාවක් තියනවා. එත් තියන මානව සම්පත උපරිමයෙන් කළමනාකරණය කරලා මේ අවස්ථාවෙ කළ හැකි දෙයක් තියනවා. ඒ දේවල් සිදුනොවීමයි මේ ගැටලුව. සේවකයො හිඟයි කියලා කවදාවත් දුම්රි ස්ථානයක ක්‍රියාකාරිත්වය නැවතිලා තියනවා ඔබ දැකලා තියන ද?. ඒත් දෙපාර්තමේන්තුවේ බොහොමයක් අංශ ඒ කැප කිරිම කරන්නෙ නෑ .“
“පැය 08 රාජකාරියක් විදිහට හිතලා වැඩකරන්න පුලුවන් වෙලාවක නෙමෙයි අපි ඉන්නේ. තත්ත්ව මේක නම් ඉදිරියෙ දි නිරන්තර දුම්රිය පීලි පැනීම් වාර්තා වේවි. සමහරවිට දුම්රිය සේවය සම්පූර්ණයෙන් අක්‍රීය වෙන්න ඉඩ තියේවි. “







