LIOC ඉන්ධන මිල යළි ඉහළ දැමීමත් සමඟ සිපෙට්කෝ වෙත පවතින ඉන්ධන ඉල්ලුම තවත් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී අඛණ්ඩ ඉන්ධන සැපයීම අභියෝගයක් වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, ඉන්ධන මිල වැඩි කිරීමට CEYPETCO ආයතනය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය තහවුරු කළේය.
LIOC මිල ඉහළ දැමීම හමුවේ එහි ඉන්ධන පිරවුම්හල්වලට සාපේක්ෂව CEYPETCO ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ඉල්ලුම ඉහළ ගොස් ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පවතින තත්ත්වය හමුවේ අනවශ්‍ය ඉන්ධන තොග රැස්කිරීමෙන් වළකින ලෙස ද බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම තත්ත්වය හැකිතාක් කළමනාකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශ නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අතර දිවයින පුරා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබේ.