දැනට ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් 177කට අලෙවි කරන පෙට්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත් රුපියල් 121කට අලෙවි වන ඩීසල් ලීටරයක් රුපියල් 169 ක් දක්වාත් ඉහළ නැංවිය යුතු බවට යෝජනා කරමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල වෙත ලිඛිත දැන්වීමක් කර තිබේ.
ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් මෙම යෝජනාව ඇමතිවරයා වෙත මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දෙවන වරටය.
මේ මොහොතේ ප්‍රායෝගිකව තම ආයතනය පවත්වා ගැනීම සඳහා මෙම මිල වැඩිවීම අත්‍යාවශ්‍ය බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව අමාත්‍යවරයා වෙත පැහැදිලි කර දී ඇත.
කෙසේ වෙතත් මෙම ඉන්ධන මිල වැඩිවීම අනුමත වුවහොත් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම ඉන්ධන මිල එය වනු ඇත.