හොඳින් ජලය ලැබෙන හා හිරු රශ්මියට විවෘත හිමාල කඳු වැටිය පාමුල මධ්‍යම ගන්දර්බාල් දිස්ත්‍රික්කයේ පිහිටි රෙපෝරා ගම්මානය ජනප්‍රියව ඇත්තේ මිදි වගාව සඳහායි. අක්කර 60ක පමණ භූමියක් පුරාවට මිදි වගා කර තිබෙන අතර වරකට මෙට්‍රික් ටොන් 750 – 900ත් අතර ප්‍රමාණයකින් ලැබෙන අස්වැන්න ගම්මානයේ පවුල් සිය ගණනට ජීවනෝපාය සලසා දෙයි.
ලෝකයේ හොඳම නැවුම් මිදි නිෂ්පාදනය කරන ඉතාලියට පමණක් රපෝරා ගම්මානයේ නිෂ්පාදනය කරන මිදි දෙවැනි වේ. වෙළඳපොළේ තත්ත්වය අනුව මිදි කිලෝ 1ක් රුපියල් 200 – 300ත් අතර මිලකට අලෙවි වේ. මිදි වගාකරුවන් පළිබෝධනාශක භාවිතා නොකිරීම මෙම ප්‍රදේශයේ මිදිවලට ඇති ඉල්ලුම වැඩිවීමට හේතු වී තිබේ.
“සාමාන්‍යයෙන් මිදි අස්වැන්න කඩන්න පටන් ගන්නේ සැප්තැම්බර් පළවෙනි සතියේ.. ඒත් මේ අවුරුද්දේ රස්නේ වැඩි වුණ නිසා කලින්ම අස්වැන්න කඩලා ඉවර වුණා..” මිදි වගාකරුවෙකු වන මොහොමඩ් අබ්දුල්ලා පවසයි.
“මිදි වගාකරුවන් පරණ තාක්ෂණික ක්‍රම වෙනුවට අලුත් ක්‍රම භාවිතා කරනවා.. පන්දලම් පද්ධතිය හා හිම කැට දැල් හඳුන්වාදීම මිදි නිෂ්පාදනයට හා එහි ආරක්ෂාවට උපකාරී වෙනවා.. අපේ ඊළඟ ඉලක්කය තමයි කාබනික මිදි වගා කිරීම..”
මෙලෙසින් නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් මිදි නිෂ්පාදනය කිරීමට අනාගත තරුණ ප්‍රජාවට වැඩි රැකියා අවස්ථා උත්පාදනය වෙන අතර වඩා හොඳ අස්වැන්නක් නෙලා ගැනීමට ද අවස්ථාව සැලසේ.