බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මන්දපෝෂිත රටට දඹල කොළ සත්කාරය…. දඹල කොළ මිටක්  A විටමින් නිධානයක්…

by editor
සැප්තැම්බර් 10, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා – 

අප අවට තිබෙන ඌණභාවිත  ආහාරවල තිබෙන පෝෂණ සහ ඖෂධීය ගුණයන් පිලිබඳව   දැනුම් තේරුම් නොමැතිවීම නිසාවෙන් ලෙහෙසියෙන්ම ලබා ගත හැකි ඇතැම් පෝෂ්‍ය පධාර්ථ අපෙන් අහිමිව යමින් පැවතීම කණගාටුවට කාරණයකි. අපේ රටේ ජනවගේ විටමින් A පෝෂණ තත්ත්වය ද ඉතාම කණගාටුදායක ය. අපේ රටේ ගර්භිණී මවුවරුන් සහ පෙර පාසල් දරුවන් අතර මේ තත්ත්වය වඩාත් සෝචනීය වේ. 

දීර්ඝ කාලීනව විටමින් A ඌනතාවෙන් පෙළීම කායික, මානසික වර්ධනයේ බරපතල ගැටලුවලට හේතුවකි. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම, වර්ධනය බාල වීම, ප්‍රජනන හැකියාව දුර්වල වීම සහ පෙනීමේ ආබාධ ඇති වීම ආදී සංකූලතාවලට හේතුවකි. විටමින් A ඌනත‍ාව, අපේ රටේ කලක් තිස්සේ පවතින, තවමත් විසඳුමක් සොයා ගන්නට අසීරු වූ ජාතික සෞඛ්‍ය ගැටලුවක් බවද කිවය යුතුව ඇත. අප දඹල කොළ ගැන කතා කරන්නේ එවැනි පසුබිමකය.

උද්භිද විද්‍යාත්මකව Psophocarpus tetragonobus යන නාමයෙන් හඳුන්වන දඹල, මෙරට ජනතාව අතර ඉතාම ජනප්‍රිය එළවුළුවකි. දඹල, මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගා කළ හැකි භෝගයකි. එසේම වසර පුරාම කරල් හැදෙන, වැඩි ඉඩක් අවශ්‍ය නොවන, රෝග පළිබෝධ අඩු භෝගයකි.

දම් සහ කොළ පාටින් විචිත්‍රවත්ව දියුණු කළ දඹල ප්‍රභේද හඳුන්වා දී තිබෙන නිසා, දඹල වැලක් දෙකක් සිටුවා ගැනීමෙන් ගෙවත්තට අලංකාරයක් ද ලබා ගත හැකිය. අනෙක් අතට දඹල, ගෙවත්තේ ඉතාමත් පහසුවෙන් වගා කර ගත හැකි භෝගයක් ද වන බැවින්, කිසිදු මුදලක් වියදම් නොකර වස විස නැති පෝෂණීය වෑංජනයක් සකස් කර ගන්නට හැකි කදිම භෝගයක් ද වෙයි. එළවළු මිල ගණන් ගුවන්ගතවී තිබෙන මෙවන් වකවානුවක දඹල වැනි ලෙහෙසියෙන් සපයාගත හැකි ආහාර  පෝෂණ ගුණ පිලිබඳ වැඩ අවධානයක් යොමු කිරීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි.

බොහෝ දෙනෙකු දඹල කරල් ආහාරයට එක් කර ගත්ත ද දඹල කොළ ආහාරයට ගන්නේ ඉතා සීමිත පිරිසකි. දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහාරයට ගත හැකි අතර, මෙම සියලු කොටස්වල ඉහළ පෝෂණ සංයුතියක් තිබේ. එසේ වුවද, එක් එක් කොටසට අදාලව ඇත්තේ වෙනස් වූ පෝෂණ ගුණයන් බව සිහියේ තබා ගැනීම වැද­ගත්ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දඹල කොළේ පෝෂණ ගුණය

දඹල කරල් ප්‍රෝටීන්, යකඩ, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය ඇතුලු බී කාණ්ඩයේ විටමින් වර්ගත්, සී විටමීනයෙනුත් පොහොසත් පෝෂණීය ආහාරයක් වුව ද, දඹල කරල්වල විටමින් A (බීටා කැරොටින්/- Carotin) අඩංගු වන්නේ ඉතා අල්ප වශයෙනි. කොටින්ම දඹල කරල් ග්රූම් සියයක විටමින් A අඩංගු වන්නේ අන්තර්ජාතික ඒකක 128 (128 IU) වැනි සුළු ප්‍රමාණයක් වන අතර, දඹල කොළවල (නොමේරු) ඉතාම ඉහළ අග­යක විටමින් A ප්‍රමාණයක් තිබේ.

ඉන්දියානු අධ්‍යයනවලට අනුව එම ප්‍රමාණය අමු පත්‍ර ග්රෑම් 100 ක විටමින් ඒ ජාත්‍යන්තර ඒකක 8090කි.  (8090  IU) එය අපගේ දෛනික විටමින් අවශ්‍යතාවය මෙන් 161.8 % ක් වෙයි.

විටමින් A කිවුවාම බොහෝ දෙනෙකුට සිහියට එන්නේ කැරට් ය.  එහෙත් ප්‍රධාන පෙළේ පෝෂණ විද්‍යාඥයින් නොකීව ද, දඹල කොළ ග්‍රෑම් 100 ක  කැරට්වලට සමානව හෝ ඊටත් වැඩියෙන් විටමින් A ප්‍රමාණයක් අන්තර්ගත වේ.

සාමාන්‍යයෙන් කිරි දෙන මවකගේ දෛනික විටමින් A අවශ්‍යතාවය අන්තර්ජාතික ඒකක 4,300 (4,300 IU/day) කි. වයස අවුරුදු පහකට අඩු ළමයෙකුගේ දෛනික විටමින් A අවශ්‍යතාවය අන්තර්ජාතික ඒකක 3,000 ටත් අඩු අගයක් ගනී. මේ විටමින් A ප්‍රමාණය ලබා ගන්න කෙනෙකුට දවසටම අවශ්‍ය වන්නේ දඹල කොළ මැල්ලුම් මිටක් පමණි.

පිසින අයුරු.

දඹල කොළවල බහුලව අඩංගුවන විටමින් A පිළිබඳව සඳහන් කරන විට, දඹල කොළ මැල්ලුම් පිස ගන්නා සූපවේදීමය ක්‍රම ශිල්පය පිළිබඳව ද සඳහන් කළ යුතු වේ. A විටමිනය මේදයේ දියවන විටමිනයක් බැවින්, පොල් සහ තෙල් දමා, අඩු උෂ්ණත්වයක සහ අඩු කාලයක දී දඹල කොළ මැල්ලුම පිස ගැනීමෙන් විටමින් A ඉතා කාර්යක්ෂමව සිරුරට අවශෝෂණය කර ගන්නට පිළිවන්වනු ඇත.

විටමින් A වලට අමතරව දඹල කොළවල C විටමිනයත් ඉතා සුලභව අන්තර්ගත වේ. විටමින් C ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමටත්, හෘදයේ මනා ක්‍රියාකාරිත්වයටත්, ශරීරයේ අනවශ්‍ය බර පාලනය කර ගැනීමටත්, පෙනීම යහපත්ව පවත්වා ගැනීමටත්, ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමටත්, පූර්ව ජන්මීන්ගේ ආරක්ෂාවටත් වෙසෙසින්ම වැදගත්වන විටමිනයක් වෙයි. අනෙක් අතට විටමින් A (බීටා කැරොටින්) සහ විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක දෙකකි. ප්‍රතිඔක්සිකාරක සුලභ ආහාර වැඩිපුර ආහාරයට ගන්නා උදවියට පිළිකාව, දියවැඩියා රෝගය සහ හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට සහ වියපත් වීම පාලනය කර ගැනීමට ද හැකියාව ලැබෙන බව සොයාගෙන තිබේ.

මීට අමතරව, දඹල කොළවල විටමින් B, යකඩ, කැල්සියම්, මැන්ගනීස්, පොටෑසියම් ඇතුලු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ රාශියකුත් යහමින් අඩංගු වෙයි. https://www.medindia.net/nutrition-data/winged-bean-leaves-raw.htm

එබැවින් දඹල කොළ මැල්ලුම හෝ කවලම් මැල්ලුමට දඹල කොළ මිටක් එක්කර ගැනීම පෝෂණ ඌණතා අන් කවරදාටත් වඩා වේගයෙන් අපව හඹා එන මෙවන් කාල වකවානුවක  තමාගේ සහ තම පවුලේ උදවියගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන උදවියට ඉතාම වැදගත්වනු නිසැකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතාලියට පමණක් දෙවැනි වෙන කාශ්මීරයේ මිදි වගාව

Next Post

මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 10 තෙක් වැඩිකිරීමේ යෝජනාවක්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.